සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

Tag

උස්වැටකෙයියාව

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ V කොටස

The Barking Dog

බුරන ස්ටේසම සහ දැවැන්තයෙක් හමුවීම !

ලිච්ෆිල්ඩ් (Lichfield) සිට නගරාන්තර දුම්රියකින් ලන්ඩන් යුස්ටන් (London Euston) වෙත පැමිණි අප ඉන් අනතුරුව ටියුබ්” (Tube) හෝ අන්ඩග්‍රවුන්ඩ්” (Underground) ලෙස හඳුන්වන නගරය ඇතුලත දිවෙන මෙට්‍රෝ දුම්රියකට ගොඩවීමු.

විනාඩි 30 – 40 ක ගමනක අවසානයේ දුම්රිය පොළ කිහිපයකින් මාරු වී ගමනාන්තය වෙත ලඟා වෙද්දී අප මිතුරියගේ සැමියා අප එන මග බලා සිටි බැවින් අපගේ දුම්රිය ගමන එතෙකින් නිමා විය. Continue reading “හිරු නොබසිනා දූපතේ සවාරිය ~ V කොටස”

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ IV කොටස

Tilting Train

පෙන්ඩොලීනෝ, අණ්ඩග්‍රවුන්ඩ් සහ බෝම්බ

මෙවර හිරු නොබසිනා දූපතට යෙදුණු සවාරිය අතරමැද්දට හිරවුණු සති අන්තය තුළ කුමක් කරන්නේද යන්න ගැන වැඩි දුර සැලැස්මක් අප දෙදෙනාටම තිබුනේ නැත, එමෙන්ම ලිච්ෆීල්ඩ් සහ බර්මින්හැම් අවට නැරඹීමට ඇති බොහෝ දේ ඒ වන විටත් නරඹා අහවරය.

අප සංචාරයට යොදාගෙන තිබුණු තැන් ගැන විමසු කණ්ඩාගේ කන්තෝරු සගයින් ඔලොක්කුවට කියා සිටියේ ඒ සියල්ල වඩා ගැලපෙන්නේ කුඩා ළමුන්ට උවත් කණ්ඩාට නම් අවුලක් නැති බවය 😀

එනිසා අවසානයේදී අප තීරණය වූයේ ඒ සියල්ල අත්හැර නැවත ලන්ඩන් නුවර බලා යන්නටය ! Continue reading “හිරු නොබසිනා දූපතේ සවාරිය ~ IV කොටස”

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ III කොටස

Beacon Park at Sunset

බ්‍රමී නුවර සහ ලිච්ෆීල්ඩ්

කණ්ඩා වර්තමානයේ සේවයේ නියුතු කන්තෝරුවේ ප්‍රධාන කාර්යාලය පිහිටියේ බ්‍රිතාන්‍යයේ මැදක් වන්නට මිඩ්ලන්ඩ්ස්හි (Midlands) පිහිටි බර්මින්හැම් (Birmingham) නගරයට නුදුරුවය.

මෙහි වෙසෙන්නන් හැඳින්වීම සඳහා බ්‍රමී” (Brummies) යන නම භාවිත වන නිසා මින් ඉදිරියට බ්‍රමී නුවර යයි කියන්නට සිතුනත් අන්තිමට කණ්ඩා තීරණය කළේ බර්මින්හැම් ලෙසම ලියන්නටය. Continue reading “හිරු නොබසිනා දූපතේ සවාරිය ~ III කොටස”

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ II කොටස

A380-Doubledecker-Comparison

A380 ය සහ සුද්දගේ ජර්මන් බෝම්බ !

මෙවර හිරු නොබසිනා දූපතට ගොඩ වැදුණු කණ්ඩාගේ සංචාරය අනපේක්ෂිත සිදුවීම් වලින් පිරුණු හොඳ නොහොඳ දෙකම සම සමව කළවන්/කවළන් (මින් කැමති එකක් තෝරා ගත්තාට මගේ කිසිම අමනාපයක් නැත :-D) වූ තවත් අමතක නොවන එකක් විය.

කණ්ඩාගේ බලාපොරොත්තුව වෙලාව ලැබෙන ආකාරයට මේ ගැන වැඩිදුර විස්තර කොනක සිටම ලියන්නටය. Continue reading “හිරු නොබසිනා දූපතේ සවාරිය ~ II කොටස”

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ I කොටස

Bukingham Palace

රැජින ආත්තම්මා වෙත ආදරයෙන් ලියමි …

මංගල තානායම,
ලිච් තැන්න,
බ්‍රමී නුවර,
මැදලන්ද,
උස්වැටකෙයියාව,

ක්‍රිස්තු වර්ෂ 2017 ක් වූ මැයි මස 24 වැනි බුදදා.

සැප වේවා !

ආදරණීය රැජින ආත්තම්මේ,

ඔබතුමිය ඇතුළු පවුලේ හැට හුටහමාරක් දෙනා සුවෙන් පසුවෙතැයි සිතමි. අපි ඉන්නා ඔටුවගේ රටේ ලොකු තැනත් ඔය පැත්තේ රවුමක් ගසන්නට ආ බව පත්තර කොළයක තියනවා දුටුවෙමි, අනෙක් කාන්තාරවාසී ලොක්කන් සමග ගත් කළ මේ ලොක්කා නොම්මර එකේ බුලට් එකකි. නමුත් ලොක්කා ඔබතුමිය බැහැ දැක්කත් අපට නම් ඔබතුමියව හමු වෙන්නට තවම වරම් ලැබී නැත, පහු ගිය අවුරුද්දක ඔබ බැහැ දකින්නට නිවසට ආමුත් හමු වීමට බැරි වීම ගැන බොහොම කණගාටු වෙමි. Continue reading “හිරු නොබසිනා දූපතේ සවාරිය ~ I කොටස”

Start a Blog at WordPress.com.

ඉහළ ↑

%d bloggers like this: