
කාලයක් තිස්සේ ඇෆ්ගනිස්ථාන කතා පෙලට විරාමයක් ලබා දී තිබුණත් නැවත පටන් ගන්නට හිතුවේ පාඨකයන්ගේ දැඩි ඉල්ලීම මතය. පසු ගිය මාස කිහිපය තිස්සේ මොන අටමගලයක් ලිව්වත් එක් අයෙකු හෝ මේ ගැන විමසූ නැති ලිපියක් මට මතක නැත. එනිසා ලියන්න තියන කම්මැලිකම මකාගෙන නැවතත් ඇෆ්ගනිස්ථානයට පිවිසෙමි 🙂
අන්තිම එක දැම්මෙ හය මාසයකට එහා නෙව, එනිසා මෙතක් කතාව :
I කොටස ~ සුපිරි කොම්පැණිය සහ කණ්ඩාගේ ඇෆ්ගන් පිස්සුව !
II කොටස ~ හිවලුන් සමග රාමසාන් සහ ඇන්ටනොව් !
III කොටස ~ උඩ යන ඇන්ටනොව් සහ බිම යන ඇන්ටනොව් !
IV කොටස ~ පිපිඤ්ඤා සැන්විච්, යහතින් ගොඩ බෑම සහ ඇන්ටනොව් ගැරේජ් !
V කොටස ~ කාබුල් ගුවන්තොටුපොළ පාගා මරුවෝ !
VI කොටස ~ කාබුල් පොල්ල !
VII කොටස ~ කාබුල්හි සුපිරි කඳවුර !
VIII කොටස ~ කාබුල් ස්පෙෂල් නේපාලි අරිෂ්ඨ !
IX කොටස ~ කයා ඩීෆැක් සහ යැංකි පඩත්තරයෝ !
ඇෆ්ගනිස්ථානයේ අඩව් අල්ලද්දී බෙරේ පළුවක් ගියත් තනි පලුවෙන් හෝ තාලය අල්ලන්නට සමත් විය යුතුය. අඩු පහසුකම් යටතේ අවැසි දේ සාර්ථකව කරන්නට නම් එකම රාමුවකට කොටු නොවී ගැටළු විසඳන්නට හැකි විය යුතුය. මේ ලිපියෙන් ගෙන එන්නේ අප කාබුල්හි සුපිරි කඳවුර වෙත තනි කෑල්ලට ලඟා වූ පසුවත් අපට මුහුණ පාන්නට වූ නොයෙක් ගැටළු සහ ගැහැටය.
රංජිත් සමග ගිය නූර් නැවත ආවේ තනිවමය, ගිය ගමනේ වැඩි විස්තර අසන්නට නොගියේ එයට අවැසි උත්තර නූර්ගේ මුහුණේම සටහන්ව පැවති නිසාය. දින කිහිපයක් තිස්සේ එකක් පසුපස එකක් වශයෙන් ඇදී එන නරක ආරංචි වල කෙළවරක් දකින්නට අද දවසේත් අවසරයක් නැති බව මට වැටහුණි. Continue reading “මා දුටු ඇෆ්ගනිස්ථානය ~ X කොටස” →
මෙයට කැමති වන්න:
කැමතියි පුරණය වෙමින්...