සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

Tag

කෝපි – Coffee

කෝපි (කාලේ) කතා ~ II

Coffee Beans

කණ්ඩාගේ කෝපි කතා

කෝපි (කාලේ) කතා ~ I ~ නාරායන් සමග හැලපයියගෙ කෝපි කතා සහ කෝපි ඉතිහාසය

කෝපි ගැන කතා කරද්දි කණ්ඩා කෝපි වලට වැඩි කැමැත්තක් නැති බව කිව්වත් කෝපි ගැන මතකයන් සහ ඒ නිසා වෙච්චි ඇබැද්දි සහ කතා වල අඩුවක් නැහැ. අද ලියන්න යන්නෙත් ඒව. නමුත් නිදි මරාගෙන පාඩම් කරනකොට බීපු කෝපි කතා, මළ ගෙවල් වල කෝපි කතා සහ ඒ හා බැඳුන ප්‍රේම කතා, ඒ ප්‍රේම කතා නිසා ගුටි කාපු කතා … ඒව නිසා ලැබුන තෙල් බේත් කතා වගේ අටෝරාසියක් බොහොම සුලභ කතා හැමෝම විඳලා, අහල, බලල, කරල ඇතිනෙ. ඉතින් එයිට ටිකක් වෙනස් කතා කිහිපයක් කියන්න තමයි අද ලෑස්තිය.

මින් පැරණිම දේ දැනට අවුරුදු 30 කට එහා පොඩිකාලේ අහල දැකල මතක තියෙන විදිහට ලියන නිසා අඩු පාඩු තියෙන්න පුළුවන්, ඒ අඩුපාඩු පෙන්නල දෙන එක කියවන ඔහේලට බාරයි. (කොහොමද උදේ  පාන්දරම දැම්ම ඩිස්ක්ලේමර් එක 🙂 ) Continue reading “කෝපි (කාලේ) කතා ~ II”

කෝපි (කාලේ) කතා ~ I

Coffee

නාරායන් සමග හැලපයියගෙ කෝපි කතා සහ කෝපි ඉතිහාසය

මේ ලිපිය බාගෙට ලියල දැන් අවුරුදු දෙකක් වෙන්න කිට්ටුයි … ඔය අතර කිහිප වතාවක්ම ලියන්න පටන් අරන් නැවැත්තුව නිසා එකම එක අච්චාරුවක් වගේ කතාවලට සම්බන්ධ උදවියටත් තේරුණොත් …  කතාවේ මුල මැද අග හොයා ගන්න බැරි උනොත් ගණන් ගන්න එපා … අපි .. අපිනෙ … තව පාරක් හම්බ වෙලා දෙක තුනක් අනුමත වෙලා තෝරා බේරා ගන්න බැරුවය … 🙂

මේ කතා වස්තුවේ නිධාන කතාව පටන් ගන්නෙ සකල සිරින් පිරි සිරි ලංකාවේ සති තුනකට එහා ගතකරල ආපු නිවාඩුවත් එක්කම. ආපහු ආ වෙලේ ඉඳන් අහවර කරන්න තියෙන දේවල් පටන් ගත්තහම ඉස්පාසුවක් නැහැ. නමුත් කන්තෝරුවෙදි හිතට පොඩි නිදහසක් ගන්න ඕන වෙච්චි ගමන මොකක් නමුත් කියවන්න හිතුන. ඒත් ප්‍රශ්නයක් මොකද්ද කියවන්නෙ ?

ඕං එතකොට තමයි සාජ ඉඳල ඕමාන් වල මස්කට් දක්වාත් එතන හිටං ලංකාවේ වේයන්ගොඩ දක්වාත් පෙරුම් පුරලා … පුරලා …  බොහොම අමාරුවෙන් හොයාගෙන හොයාගෙන ගොහින් සෙට් වෙච්චි හැලප කඩේ අධිපති හැලපයියව මතක් උනේ. තව මෙදා පාර අර බ්ලොග් ලියන ලියපු ගල් මුදලාලි කෙනෙක් ඉන්නෙ .. සජ්ජ කියල … දන්නවද ? ආන් ඒ පඩංගුවේ සජ්ජවයි හැලපයියවයි හම්බ වෙලා ආවට හිතේ හැටියට සෙට් වෙන්නනම් බැරි උනා. Continue reading “කෝපි (කාලේ) කතා ~ I”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: