සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

Tag

නත්තල – Christmas

නත්තල් පප්පා වෙත ආදරයෙන් ලියමි !

Sad Christmas

අති ගරු කණ්ඩාචාර්යතුමා,
OCD – Uස්වැටKයියාව, BBQ – Soමාලියා, දිවයිනෙත් නැති සාම විනිසුරු
(බල්ලෙක්වත් නැති) අපේ කන්තෝරුව,
මැදක් නැති පෙරදිග,
ඔටුවංගේ රට.

ක්‍රිස්තු වර්ෂ 2018 ක් වූ දස වෙනි මස 24 වැනිදා

සැන්ට් නිකුලස්,
ආයතන ප්‍රධානී – නත්තල් තෑගි බෙදීමේ මධ්‍යස්ථානය,
උතුරු පොල්ල, පිණිමුවා ජනපදය,
හෝ ..හෝ.. හෝ .. ලන්තය.

මයි ඩියර්* දයා බර නත්තල් පප්පේ,

නත්තල් තෑගි / තෑගි අයදුම් පත්‍රය පිලිබඳ පැමිණිලි

අහිංසක හොඳ ළමයෙක් වන මා අනිත් නාහෙට නාහන උන් වගේ නොව පසු ගිය අවුරුද්දේ ඉතාමත් යහපත් කල් කිරියාවෙන් ගෙවූ බව දැනුම් දෙන්නට කැමැත්තෙමි.

සැලකිය යුතුයි : බුකියේ එවුන් ලියන වඳුරු කුණුහබ්බ කියවා ඒවාට කමෙන්ට් කිරීම, ඉඳහිට අපාය සහායක යාලුවෙක්ගේ වැරදි ආස්සරය නිසා දෙකක් නවා ගත්කල දේසපාලුවන්ගේ සහ උන්ට කඩේ යන උන්ගේ මව්පියවරු සිහි කරමින් ජාතිය ඇමතීම වැනි දෑ නොසලකා හැරිය හැකි අංශුමාත්‍ර වැරදි යයි සිතමි. Continue reading “නත්තල් පප්පා වෙත ආදරයෙන් ලියමි !”

Advertisements

නත්තල !

Christmas

කොහෙන්ද ? කාටද ? කාගේද ?

දැනට අවුරුදු කිහිපයක සිට මැද පෙරදිගදී දැන හඳුනා ගත් කිතුනු මිතුරන් කිහිප දෙනෙකු සමග නත්තල සමරන්නට කණ්ඩා හට විටින් විට ආරාධනා ලැබෙන්නේය. මේ අතරින් මාගේ අතිජාත මිත්‍රයා වන මළයාලි (Malayali) ජාතික “රෝයර්” (Royer) පවුල සහ ගෝවෙන් ආ කොන්කානියන් (Konkani) වන ඩි’සූසා (D’Souza) පවුල ප්‍රධානය.

රෝයර් දෙමහල්ලන් මැද පෙරදිග ඉන්නා තෙක්ම ඔවුන්ගේ පොඩි එවුන් දෙපොල සතුටු කිරීමට ඉඳහිට නත්තල් පප්පාට සැරසීමට සිදු වුණෙත් කණ්ඩාටමය. ඉන වටේට අමුතුවෙන් පුළුන් කොට්ට බඳින්නට අනවශ්‍ය වීම නිසා  සියලු දෙනා නිතරඟයෙන්ම ඒ රාජකාරිය කණ්ඩා වෙත පංගරාත්තු කළෝය. Continue reading “නත්තල !”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: