ප්‍රේමයයි විරහවයි හරියටම කාසියක දෙපස සමයි කියල කිව්වොත් එය වැරදි නෑ, එකක් නැති තැන අනිකත් නොතියෙන්න තියන ඉඩකඩ නැති තරම. කොයිතරම් ලෙන්ගතුව හිත පතුලෙන්ම පෙම් කලත් ඒ ආදරය හැම දෙනා ගාවම නොරැඳෙන එක අවාසනාව. මහමෙරක් තරම් ආදරයක් උනත් විරහවකට පෙරලෙනකොට අවසානයෙදී තනියට ඉන්නෙ සිඳී බිඳී ගිය මතක සටහන් සහ වේදනාව පමණයි. Continue reading “රෑට රෑට ඇවිදින් සඳ …”
The Maara Man under the Maara Tree !
සංගීතය ගැන මෙලෝ හසරක් නොදන්නා කණ්ඩා කවදත් ඉලෙක්ට්‍රොනික සංගීතයට වඩා බොක්ස් ගිටාරයක්, බොංගෝවක් වැනි අවම සංගීත භාණ්ඩයන්ගේ උදව්වෙන් උපදින සජීවී එකොස්ටික් සංගීතයට කැමතිය. (වාසනාවට සංගීතය රස විඳීමට එය පරතෙරට දැන ඉගෙන නොසිටීම බාධාවක් නොවේ 😀 )
ගීයක් රස විඳින්නට නම් සෑම තත්පරයක්ම කුමක් හෝ සංගීත භාණ්ඩයක අඬහැරයෙන් පිරිය යුතු නැතැයි යන මතයේ මා සිටින බැවින් බස් නැවතුමක්, දුම්රිය පොළක් හෝ අවන්හලක් යන කොතැනකදී උවත් එකෝස්ටික් වාදනයක් හෝ ඒ හා ගැලපෙන ගායනයක් සවනත වැටුණු තැන කුමන රාජකාරියට ගියත් එය මදකට නවතා සංගීතය රස විඳීම මා සිරිතයි. Continue reading “බේවිස් මනතුංග නම් සොඳුරු මිනිසා”