සිෆා සහ බණ්ඩාර් ඛයිරන්
මස්කට්හි සිට සිෆා (Sifah) වෙත දිවෙන මග වැටී ඇත්තේ මනස්කාන්ත කඳුකර ප්‍රදේශයක් හරහාය, ඕමානයේ ඇති විශේෂ භූ ලක්ෂණයන් පිලිබඳ හදාරද්දී රට පුරාවට විහිද ඇති කඳු පන්තීන් ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුවාක් මෙන්ම ඒ අතර ඉදිරියෙන්ම සිටිනා ප්‍රතාපවත් “හජාර්” කඳුවැටිය ගැන කතා බහ කිරීමෙන් වැළකීමටද බැරිය. අරාබි බසින් “ජෙබෙල් අල් හජාර්” (Jebl Al Hajar) ලෙස හඳුන්වන මෙහි සෘජු අරුත වන්නේ “ශෛලමය කඳුවැටිය” යන්නයි.
හජාර් කඳුවැටියේ එක් කෙලවරක් ඇරඹෙන්නේ ඕමානයේ උතුරු කොන වන එක්සත් අරාබි රාජ්‍යයෙන් සහ පර්සියානු මුහුදින් වටවූ මන බඳිනා “මුසන්දම්” (Musandam) ප්‍රදේශයෙනි. මුසන්දම් අර්ධද්වීපය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ “කූඩාරම් කොත” ලෙස හඳුන්වන රට අග්ගිස්සේම පිහිටි “රස් අල් කයිමා” (Ras Al Khaimah) සහ එයිට මෙපිටින් ඇති “ෆුජෙරා” (Fujeirah) එමිරේට නිසා ඕමානයේ අනෙකුත් ප්‍රදේශයන්ගෙන් වෙන්ව පවතින්නේය. Continue reading “මස්කට් කතන්දර ~ VI කොටස”