සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

Tag

මැදක් නැති පෙර දිග

මැදක් නැති පෙර දිග / Middle East

මස්කට් කතන්දර ~ V කොටස

Oman National Museum

සින්බෑඩ්, වහල්ලු සහ පරංගි !

මස්කට් අගනුවර කර ගත් ඕමානය අරාබි අර්ධද්වීපයේ විහිදී ඇති තුන් වන විශාලතම රාජ්‍යයයි, මස්කට් යන නාමය සැදී ඇත්තේ “නැංගුරම් දමන ස්ථානය” (Anchorage) යන අරාබි අරුතින් බවට මතයක් ඇත. ලොව පුරා විහිදුණු සේද මාර්ගයේ වැදගත් නැවතුම්පොළක් වූ මස්කට්, පුරාතනයේ සිටම ඉතා ප්‍රසිද්ධ වරායක් වූ බැවින් එය පිළිගැනීමට අපහසු නැත. Continue reading “මස්කට් කතන්දර ~ V කොටස”

Advertisements

මස්කට් කතන්දර ~ IV කොටස

Royal Opera House Muscat

මස්කට්, ඔපෙරා සහ මත්‍රා

කොච්චියා, ශාමික සහ චතුරට සමු දී එද්දී කණ්ඩාගේ හිත නොයෙක් කල්පනාවන්ගෙන් පිරී ගොසින්ය !

හාමිනේලා ඇති තැන කතා බහ කරන්නට බැරි රසකතා සියල්ල මාගලක් මෙන් අසීමාන්තිකව දිග හැරුනේ කාලාන්තරයකට පස්සේ නිසා නිදහසේ වරින් වර සිහි කරමින් නොනවත්වා රස විඳිය හැකි මතකයන්ගෙන් පිරුණු අතීතාවර්ජනය තවමත් අහවර නැත 🙂 Continue reading “මස්කට් කතන්දර ~ IV කොටස”

මස්කට් කතන්දර ~ II කොටස

Al Wajaja Border Post

සාජා සිට මස්කට් වෙත …

අපායට ගියත් කලින් යන්නට ඕනෑ යයි කියමනක් කණ්ඩා අසා තිබේ, එමෙන්ම හැකි සෑම අවස්ථාවකදීම එය අකුරටම පිළිපදින්නේ ඉන් අත්වන වාසි අත්දැකීමෙන් දන්නා නිසාය.

මස්කට් බලා යන ගමනේත් වැඩි වෙනසක් නැත, අපායටත් කලින් යන්නට උවමනා නම් රටතොට බලන්නට යන විනෝද ගමනකට එයිටත් කලින් පිටත් නොවන්නට කිසිම හේතුවක් නැත්තේය. Continue reading “මස්කට් කතන්දර ~ II කොටස”

මස්කට් කතන්දර ~ I කොටස

muscat-galore

මස්කට් රස සොයා …

මස්කට් කී පමණින් සිරි ලාංකිකයින් වන අපගේ කටට කෙළ උනන්නේ නිතැතිනි, ඒ එදිනෙදා ජීවිතයේදී අප දන්නා මස්කට් යනු අතිශය රසවත් රසකැවිල්ලක් වීමයි.

මේ පිලිබඳ කණ්ඩාගේ මතකයන් “බොම්බේ ස්වීට්ස්” හෝ “ස්වීට් හවුස්” තෙක් දිව යන්නේය, “බොම්බේ ස්වීට්ස්” ලෙස පොදුවේ හැඳින්වූ මෙම රසකැවිලි නිතරම රසවිඳීමට නොලැබුණු නිසාදෝ මෙවන් රසකැවිලි හල් අප කුඩා කළ සුරංගනා ලෝක බඳු විය. Continue reading “මස්කට් කතන්දර ~ I කොටස”

මැදක් නැති පෙරදිග ~ VIII කොටස

ladies-of-the-night

අරාබි දේසේ නුතන අම්බපාලියෝ …

කණ්ඩා අතින් මැද පෙර දිග ගැන ලියවුණු කලින් ලිපියේදී කතා බහ කලේ තහනම් සතුන් ගැනය, සිවුපාවන් ගැන ලියා අහවර කල එම ලිපියට පසුව මේ වෑයම දෙපා වරිගයේ තහනම් සතුන් ගැන ලිවීමටය, එනම් අසම්මත කතා බහකටය (Taboo).

මෙය බොහෝම සීරු මාරුවෙන් යුතුව කතා බහ කලයුතු මාතෘකාවක් බව හැබෑය, ඒ මදිවාට කණ්ඩාගේ පවුලේ උදවිය මෙන්ම හිත මිතුරන්ද මේ බ්ලොග් කට්ටේ රසිකයන්ය ! Continue reading “මැදක් නැති පෙරදිග ~ VIII කොටස”

හම්බ උනා .. හම්බ උනා .. කොච්චියා හම්බ උනා .. !

kochchiya2

කණ්ඩත් ඉතින් කොහොමෙන් කොහොම හරි බ්ලොග් කට්ටක් අටවා ගත්ත, කණ්ඩ ලිව්ව කිව්වට ඉතින් කණ්ඩ හාමිනේ තමයි මේක ගොඩ දාන්න සෑහෙන්න දරදිය ඇද්දේ ! Continue reading “හම්බ උනා .. හම්බ උනා .. කොච්චියා හම්බ උනා .. !”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: