මැන්චෙස්ටර් : 2017 මැයි 22 ~ 22:31 BST
ගී අමා රස විඳීමෙන් පසු නැවතත් යුස්ටන් දුම්රියපොළ වෙත අප ඇරලවීමට උස එකී සහ අගේ සැමියා උත්සාහ ගත්තත් රැජිණ ආත්තම්මාගේ ප්‍රවාහන සේවය ගැන විශ්වාසය තැබූ නිසා කිට්ටුව පාත වූ අන්ඩග්‍රවුන්ඩ් නැවතුම් පොළ හරහා නැවතත් යුස්ටන් වෙත් ගියෙමු.
කිහිප වතාවක් ගොස් ඇති හේතුවෙන් වූ විශ්වාසය මත යුස්ටන් වෙත ගියත්, හාමිනේ හදිසියේ ඇසූ පැණයක් නිසා කණ්ඩා හිට් විකට් විය. හාමිනේ විමසුවේ ලිච්ෆීල්ඩ්හි අප නැවතී සිටි හෝටලයට කිට්ටුවෙන්ම පිහිටි දුම්රියපොළ වූ “ලිච්ෆීල්ඩ් ට්‍රෙන්ට් වැලි” (Lichfield Trent Valley) වෙත අප ළඟා වන වේලාවට කුලී රථ සොයා ගැනීමට තිබෙනු ඇද්ද යන්නයි. Continue reading “හිරු නොබසිනා දූපතේ සවාරිය ~ VII කොටස”