සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

Tag

වක්පොලු කෙළිය – Hockey

වක්පොලු කතා වස්තුව ~ V

Hockey

සුලෝහිත මහා වක්පොලු කෙළිය සහ තවත් කතා

ලියනවා කියන්නෙ අමාරුවෙන් නොකඩවා පවත්වාගෙන යන්න අවශ්‍ය පුරුද්දක් … පොඩි හරි විරාමයක් ගත්තහම ලියන්න තියෙන ආසාව සහ උනන්දුව නැති වෙලා යනව. එහෙම උනහම ආපහු ලියන්න පටන් ගන්න හරි අමාරුයි, ලියන ඇත්තො මේක දන්නව. තවමත් ඉඳහිට හරි ලියවෙන බ්ලොග් අඩවි කිහිපයෙන් එකක් වෙන තිලක සිත ලියන තිලකසිරි මහත්මය ඔය ලෙඩේට දුන්න නම් තමයි “කංකානම් අඩය” කියල … බොරුනම් ගිහිල්ල කියවල බලන්න. ඒක හදාගෙන තියෙන්නෙ Writer’s Block කියන සුද්දගෙ පදේ හෙළුවට පෙරළලා අරගෙන.

පහු ගිය ටිකේ විවිධ හේතු නිසා මටත් ඔය කියන අඩේ තදටම වැදිල තිබ්බ. ඔය අඩේ ගලවන්නෙ කොහොමද කියල හිත හිතා ඔලුව කහමින් ඉන්නකොට තමයි පොටක් පෑදුනේ. හීනියට උනත් පොඩි පහේ පම්පොරියක් ගහන්න අවස්ථාවකුත් ඒකෙන්ම උදාවෙනව, මොකද අපි හැම තිස්සෙම සරල, නිහතමානී සහ අල්පේච්ච වෙන්න හොඳ නෑ .. (මතකනේ එහෙම එකෙක්ට උඩම පුටුවට යවල උන් හරිය). Continue reading “වක්පොලු කතා වස්තුව ~ V”

වක්පොලු කතා වස්තුව ~ V කොටස

පිනා සහ පිනාචාර්ය

පිනා කිව්වහම අපි බොහොමයක් දෙනාට මතක් වෙන්නෙම ඇටිකිත්තො කාලෙ ඉගෙන ගත්ත ප්‍රසිද්ධ කවියක් නොවැ … එහෙම නෙමෙයි නම් ඔබලා (ඔබන්න අවශ්‍ය නැත, කියවීම සෑහේ) සහශ්‍රයෙන් පසු උපන් අයෙක් හෝ මෝඩ් ගොයියෙක් වෙන්න ඕන.

අම්බලමේ පිනා – වළං කදක් ගෙනා
ඒක බිඳපි ගොනා – ඒකට මට හිනා

පිනා කියන්නෙ තරමක මෝඩ පහේ චරිතයක් විදිහට තමයි අපිට පොඩි එවුන් කාලෙ තේරුණේ … ඒත් කාට උනත් කරදරයක් උනහම හිනා වෙන එක හරි නැහැනෙ කියල ටිකක් ලොකු වෙනකොට තේරුණ නිසාදෝ අපි එක ටිකක් වෙනස් කරා මේං මෙහෙම…

අම්බලමේ පිනා – වළං කදක් ගෙනා
ඒක බිඳපි ගොනා – ඇයි එකට හිනා Continue reading “වක්පොලු කතා වස්තුව ~ V කොටස”

Ananda – Nalanda Hockey Encounter 2018

Ananda Nalanda Hockey Encounter

ආනන්ද – නාලන්ද මහා හොකී තරඟය 2018

වසරක පුරාවට දහසක් කැපකිරීම් මතින් පන්නරය ලද සහෝදර හොකී කණ්ඩායම් ද්විත්වයක දක්ෂතා උරගා බැලීම වෙනුවෙන්ම පැවැත්වෙන ආනන්ද – නාලන්ද මහා හොකී තරඟය මෙවරත් ඔක්තෝබර් මස 27 වැනි ශනිදින කොළඹ ඇස්ට්‍රො ටර්ෆ් කෘතීම හොකී පිටියේදී ප.ව. 2:30 සිට පැවැත්වීමට නියමිතයි.

ක්‍රීඩා ලෝලී ඔබ සැම සඳහා කෙරෙනා සුහද ආරාධනයයි මේ, එන්න අප හා එක්වන්න !!!

Ananda vs Nalanda Hockey Encounter 2018

What price do we attach to their grit and determination ?
What value do we give their sweat, blood and tears ?
What appraisal best suits their staunch loyalty ?

Only a few more days to find out !

Save the Date : 27/10/2018

From 2.30 PM onwards at the Astro International Hockey Turf Colombo

Update :

Ananda Wins 17th Annual Ananda – Nalanda Hockey Encounter – ACOBA UAE Wing !

3f1a876d-4a76-48ee-858b-d0e226e43995

It’s with great pleasure that we announce Ananda College Hockey Team emerged Victorious in the Annual Ananda – Nalanda Hockey Encounter held on 27th Oct at the Astro Turf, Reid Avenue.

First half of the match was scoreless and Ananda went on attacking during the second half while defenders did an excellent job. As a result of the pressure built Vice-captain Pasindu Jayasekera was able to score two goals with the assistance of the forwards. The final score stood 2 – 0 and Team Ananda overcame resistance from Nalanda side.
With Nalanda winning the M.W. Karunananda Trophy during last 6 encounters it finally returns to Ananda this year with a jubilant team.

We would like to Congratulate Ananda Hockey Team for their strong performance and would like to thank the Coach Mr. Lushantha, Master in Charge and Past Hockey players who came forward to support the event.

ACOBA UAE Wing is proud to be a part of their success and wish good luck for them to carry the momentum forward with many more victories to come.

Link : ThePapare.com Coverage –  27-10-2018

 

Pre-match Interviews :

 

Watch Match Highlights :

Watch Complete Match :

 

වක්පොලු කතා වස්තුව ~ IV කොටස

Helicopter

හෙලිකොට්ටෝරුවෙක් සහ කණ්ඩෙක්

මැලේ ක්‍රීඩාංගනය සහ පිටියේ කතන්දරය පහුගිය සතියක කියපු නිසා මෙදාපාර ඒ හා සම්බන්ධ කියලත් බැරි නොකියත් බැරි සන්තෝසේ විලි ලැජ්ජාවේ පණ යන කතාවක් කියන්න කියල හිතුව. අපේ එව්වො මඩ ගහන්න දෙයියො, එහෙව් එකේ මේ ගැන කමෙන්ට් එකක් වැටිලා සායම යවා ගන්නවට වැඩිය නම්බු පිටින් කණ්ඩම මේ ගැන කියල අහවර කරන එක වඩා හොඳයි 🙂

අපේ එකාලව සත පහකට විස්වාස කරන්න බැහැ !!!

මේ කියන්නෙ 93 – 94 වගේ මට මතක විදිහට, අපි 15 න් පහළ වක් පොලු කෙළින කාලෙ. ඔය දවස් වලත් කොළඹ පාසැල් හොකී ක්‍රීඩා තරඟ පැවැත්තුවේ මැලේ ක්‍රීඩා පිටියෙමයි. ඒ අතර මේ කියන සිදුවීම උන තරඟය මොන පාසලකට එරෙහිව තිබුණ එකක්ද කියල අදටත් මට ඒ හැටි මතකයක් නැහැ. ඒ ඇයි කියල තේරෙයි කියවගෙන පහලට යනකොට. Continue reading “වක්පොලු කතා වස්තුව ~ IV කොටස”

වක්පොලු කතා වස්තුව ~ III කොටස

Malay 1

මතකයෙන් ඈත් නොවන මැලේ පිටිය

අපි වක්පොලු කෙළියේ නියත වුණු අනූව දශකයේ ක්‍රීඩා තරඟ සඳහා කොළඹ 02 පිහිටි මැලේ පිටිය තමයි වැඩිපුරම ආ ගිය තැන උනේ, අනූ ගණන් වල මැද බාගයේ කොළඹ දිස්ත්‍රික් පාසැල් හොකී තරඟ සියල්ලක්ම පාහේ පැවැත්වුණේ මෙතැනමයි. මරදාන පරණ වාඩියේ පිහිටි අපේ පාසලේ ඉඳන් මෙතැනට යන්න වැය වෙන්නෙ පැය බාගයකටත් අඩු කාලයක් නිසා යන්නත් බොහොම පහසුයි.

මැලේ පිටිය වෙත ලඟා වෙන්න ලෙහෙසිම විදිහ තමයි නම කිව්වට ලියන්න අමාරු කොම්පකද කද වීදියේ (කොම්පඤ්ඤ) රියෝ සිනමා ශාලාව (Rio) එහෙමත් නැතිනම් පැරණි නිපොන් ගොඩනැගිල්ල ( Nippon Building) ඉදිරි පිටින් බැහැල කිව් පාර (Kew) දිගේ ඇවිත් “ජලාන් පඩාන්” (Jalan Padang) පාරට වැටිලා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පහු කරගෙන වම් පැත්ත බලාගෙන ඉදිරියට යන එක. Continue reading “වක්පොලු කතා වස්තුව ~ III කොටස”

වයසේ වැරැද්ද ~ III කොටස

Gini avi saha Gini Keli

ඩප්පියාගේ ගිණි අවි සහ ගිණි කෙළි !

වටේ ගිහිල්ල පඳුරු තලලා හරි මහන්සියි, මේ වන්ගියේ නම් ඔන්න ඉවරයක්ම කරල දානව, ඩප්පියගෙ කතාවේ අන්තිම කොටස හෙවත් ගිණි අවි සහ ගිණි කෙළි !

ඉතින් ඔහොම ටික කාලයක් ඉන්නකොට තමයි බක් මාසේ ආපුවම වරක ගහටත් අකුණු වදින්න වගේ ඩප්පිය, ලේන සහ කණ්ඩ කියන අපි තුන්කට්ටුවේ යාලුකමටත් කණකොකා අඬන්න ගත්තෙ.

ඒ කියන්නෙ අර කතාවෙ මුල කිව්ව මයිනට වගේ අපේ ඩප්පියට උණ සන්නිපාතය හැදුන, ගල් කටස් කියන ජාතියේ සංක්‍රමණික ඥාතීන් වෙන තුවක්කු, පිස්තෝල වගේම අත් බෝම්බ, ඩප්පි ගැනත් නොසෑහෙන්න උනන්දුවක් (හැබැයි හරිම වචනය තමයි “ඇම්ම”) මේ හාදයගෙ තියනවා කියා අපිට තේරුණත් ඒ ඇයි කියල අපි අහනකොට කෝච්චිය ගිහින් ඉවරයි. Continue reading “වයසේ වැරැද්ද ~ III කොටස”

වක්පොලු කතා වස්තුව ~ II කොටස

all_field_hockey_stick

වක්පොලු සහ වනන්න වටිනා ආයිත්තන්

කණ්ඩා පරිප්පුවෙක් බවට පත්වීමේ වරප්‍රසාදය ලද්දෙන් අනතුරුව එළඹුණු සමයේ අම්මා සහ තාත්තා දෙපළම කණ්ඩාව වක්පොලු ක්‍රීඩාවට නොසෑහෙන්න උනන්දු කළ බව නොකියාම බැරිය.

එයට ප්‍රධානම හේතුව වනුයේ, අවුරුදු 10-12 තරම වයසේදීත් කණ්ඩා ඇදුම රෝගයෙන් (Asthma) පෙළීමයි, කුඩා කාලයේ අදින ලෙඩේ බරපතලකම නිසාම කිහිපවිටක් රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමට පවා කණ්ඩා හට සිදු විය. Continue reading “වක්පොලු කතා වස්තුව ~ II කොටස”

වක්පොලු කතා වස්තුව ~ I කොටස

ananda-hockey-2000

කැන්ඩොස් මාමා සහ ගෝලියා

යටගිය දවස සිරි ලංකාවේ කොළොම්පුර ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාසයන් රාජ ශ්‍රියෙන් රාජ්‍ය කරනා කල්හි, මරදාන පරණවාඩියේ එක්තරා විද්‍යාලයක පරිප්පුවන් සමුහයක් විය.

මේ පරිප්පුවන් අතර දිවයිනේ නන් දෙසින් පැමිණි අතලොස්සක් වූ වඳ වී යන සත්ව කොට්ඨාශයකට අයත් වන්නා වූ වක්පොලු ක්‍රීඩාවට ලොබ බැඳී උන්ද වන්නෝය. Continue reading “වක්පොලු කතා වස්තුව ~ I කොටස”

Start a Blog at WordPress.com.

ඉහළ ↑

%d bloggers like this: