කණ්ඩාට බ්ලොග් අඩවි ගැන කුතුහලයක් ඇති වී දැනට අවුරුදු දහයක් පමණ වන්නේය … තමන්ටම කියා බ්ලොග් අඩවියක් ඇරඹීමට ඇති වූ අදහසත් අවුරුදු හත අටක් පැරණි මුත් වැළදුන බාලගිරි දෝසය හේතුවෙන් ලඟ පාතක් වනතුරුත් සිදු වුනේ නැත.
කණ්ඩාට තේරෙන විදිහට බ්ලොග් අඩවි දෙවර්ගයකි, ඒ කණ්ඩා වැනි කබ්බන් වෙලාව කා දැමීම උදෙසා බොහොම සැහැල්ලුවෙන් ලියන කියන දෑ අඩංගු “කැෂුවල් බ්ලොග්” (Casual Blogs) සහ යමක් කමක් තේරෙන, තම ක්ෂේත්‍රයේ විශේෂ දැනුමක් හිමි අයවලුන් හෙවත් වැඩ්ඩන් විසින් හඳුනා ගත් සීමා තුල විධිමත්ව පල කෙරෙන “ප්‍රොෆෙෂනල් බ්ලොග්” (Professional Blogs) ය. Continue reading “වදන් තදයට එරෙහි බ්ලොගර් යුද්ධය සහ අටමා ~ Blogger Vs WordPress War & Atam !”