මා අත ගත් ඔබ …
හොස්ස ලඟින් යන මැසි මදුරුවන් කෙරේත් අනුකම්පා උපදවන මනුස්ස ප්රාණියෙක්ය …
සුරාවෙන් සූදුවෙන් තොර ඇල්වතුරත් නිවා පානය කරන්නෙක්මය …
කාන්තා පරාණයක් දිහා ඇසක් ඇර නොබැලූ නිවුණු දරුවෙක්මය …
හතර පෝයට අට පාරක් සිල් සමාදන් වන උපන් දා සිට බොරු නොකියූ උපාසකයෙක්මය …
කිසිදා කිසි විටෙක කිසිඳු හේතුවකට තරහා යන්නේ නැත්තෙක්මය …
ලොව සියළු දේ ගැන අතැඹුලක් වටහා ගත්තෙන් නොදන්නා දෙයක් නැත්තේමය …
කලාව සහ සංගීතය අතින් ශිල්ප කාලා නිදි, කතී වෙන මීයෙන තලයේය …
ගෙදරදොර සියළු වැඩක් දුක් මහන්සිය නොබලා ඉටු කරන්නේක්මය …
සිය භාරියාවට ප්‍රාණ සරිව ස්නේහය දක්වන උත්තම ස්වාමි පුරුෂයෙක්මය …
මෙවන් සැමියෙකු ලබන කාන්තාව වාසනාවන්තයන්මය …
තමන්ගෙ හාමිනේ දිව්‍යාංගනාවක් වගේ සැරසිලා ඇවිල්ලා ඔහොම කියන එක ඕනෑම හස් බණ්ඩෙක්ට ලබන්න පුළුවන් අතිශය දුර්ලභ වාසනාවක්, මමත් එහෙම කෙනෙක් කියල හිතෙනකොට දැනෙන ඒ සතුට මට නොදැනුනේ … එලාම් ඔරලෝසුවේ හඬට උඩින් ඇහුණු හාමිනේගේ එලාම් එකට තිගැස්සී තුම් මුනින් දාඩිය දාගෙන ඇහැරුණු නිසා 😦
කෝ මගේ තෑග්ග ? හුටා … කුණු කෙළ පිටින්ම කිස් එකක් දෙන්නද ? 😀
උදේ පාන්දර මාව ඇහැරවපු එලාම් ඔරලෝසුවට සුභ නවම් සන්නියක් වේවා !
~ කණ්ඩා ! Continue reading “මා අත ගත් ඔබ”