සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

Tag

වැලිපිල්ලෑව

වයසෙ වැරැද්ද ~ I කොටස

Dappiyaඩප්පියා

කණ්ඩ මේ දවස් වල ලියනවට වඩා කියවනව පහු ගිය අවුරුදු හතටම කියෙව්වේ පොත් දෙකයි උනාට, පහුගිය සති තුනට පොත් තුනක් ඉවර කරා. කියවන එකත් හරියට අබිං කනවා වගේ ඇබ්බැහි වෙන දෙයක්. පටන් ගත්තට පස්සේ තියන්න හිතෙන්නේ නැහැ.

දවල් දවසේ කන්තෝරුවට ගියහම පොත් දිග අරින්න බැරි නිසා, මදි පාඩුවට මූණු පොතේ සහ බ්ලොග් අස්සෙත් කරක් ගහනවා

බාගෙට ලියල පැත්තකට දාල තිබ්බ මේ කියන කතන්දරේ ආපහු ඉස් මුදුනට ආවෙ වෙල් මයිනා හෙවත් වල් මයිනා ලියපු “ගල් කටස් “ කියන කතාව දැකල. ඔය කලින් කිව්ව මයින වගේ මේ කතා නායකයටත් එකවරම අමුතු උණ සන්නිපාතයක් වැළඳුනා. Continue reading “වයසෙ වැරැද්ද ~ I කොටස”

Advertisements

කූඩු හැදිල්ල, ඔට්ටපාළු සහ උණ කැපිල්ල!

Wesak Lantern - Atapattam

තවත් එක වෙසක් දිනක් උදා විය, එලෙසම එය අවසන් විය. ඒ සමගම කුඩා කල අපට රස විඳින්නට ලැබුණු වෙසක් සිහියට නැගීමෙන් කණ්ඩාගේ සිතට සියුම් සතුටක් මෙන්ම දුකක්ද කාන්දු විය.

දැන් අමු කම්මැලියෙක් වන කණ්ඩා ඔටුවන්ගේ රටට පය ගැසුවාට පසු කිසිදාක වෙසක් කූඩුවක් සාදා නැත, ඒ සඳහා “රෙඩි මේඩ්” නිදහසට කාරණා කණ්ඩා සතුය, කාන්තාරයේ රට ඉඳි මිස බට පඳුරු නොවීමත් ඔට්ටපාළු ගලවා ගැනීමට රබර් වතු වල හිඟකමත් ඒ අතර ප්‍රධානය. Continue reading “කූඩු හැදිල්ල, ඔට්ටපාළු සහ උණ කැපිල්ල!”

හාමිනේලාගේ කතා වස්තුව – III කොටස

Shopping

කඩේ යෑම හෙවත් සොපින් !

පහුගිය දිනක කණ්ඩාගේ මිත්‍රයෙක් මුහුණු පොතේ කණ්ඩා විසින් හාමිනේට තද බටර් පාරක් තවරා දැමූ පින්තූරයකට “ඔය කඩේ ගිහින් තියෙන්නේ ගානට, වෙල් ඩන් !” කියා හීනියට ටෝක්කකුත් ඇන කොමෙන්ටුවක් දමා තිබුණේය … 😀

ඒ වෙන කවුරුවත් නොව කණ්ඩාත් සමග හෝමාගම පාසල් බස් රථයේම එකට ඉස්කෝලේ ගිය පරිප්පුවෙක් වෙච්චි 25 හේ මහත්තයාය, වැදගත් නෝනා මහත්තුරු වශයෙන් මුන්නැහේට 25 කියන්නේ ඇයිද යන පැනය මාගෙන් නොඅසනු ඇතැයි යන්න කණ්ඩාගෙන් බලාපොරොත්තුවය. Continue reading “හාමිනේලාගේ කතා වස්තුව – III කොටස”

හිම කිරම සහ තවත් කතා !

Keep Calm and Eat Ice Cream

ජනේරුවේදී මස්කට් යන්නට කිට්ටුව හිම කිරම බාල්දියකට වගකීම හේතුවෙන් මුහුණ දෙන්නට සිදු වුණු අකරතැබ්බය කණ්ඩා පසුගිය සතියේ විස්තර කළේය, එත් සමගම හිමකිරම සම්බන්ධ කතා එකින් එක කණ්ඩාගේ ඔළුවට ගලාගෙන එන්නට විය. Continue reading “හිම කිරම සහ තවත් කතා !”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: