සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

Tag

සුභාරතිය

ශිල්ප කාලා නිදි !

Art by Joanne

ඇත්ත ඇති සැටියෙන් කියනව නං කලාව කියන දේ ලඟින්වත් ගෑවිලාවත් නොගිය මනුස්සයෙක් තමයි මේ කණ්ඩ කියන්නෙ, ඔය නොදන්නා මගුල් කරන්න ගොහින් වෙච්චි අකරතැබ්බ සහ අහ ගත්ත කුණු කතා ගැන තමයි අද මේ කියන්න යන්නෙ.

ඔය කලාව කිව්වට ඉතින් ඉස්කෝලෙ යන්න පටන් ගත්තු සන්දියේ ඇටිකිච්ච කාලෙ කලාව කියල එකක දැනං උන්නේ නැහැ නෙව, අපි දැනගෙන හිටියෙ චිත්තර, කවි සිංදු සහ නැටුම් කියන හතර වරිගයනෙ. ඒකෙනුත් අම්මයි තාත්තයි කියපු විදිහට නැටිල්ල තමයි කණ්ඩට හොඳටම පිහිටලා තිබ්බෙ හැබැයි ඒකට හොඳක් කියනව වෙනුවට පොල්කටු හැඳි මිටෙන් හරි ළඟ පාත කඩා ගන්න තිබ්බ ක්‍රෝටන් කොටුවකින් තමයි අම්මගෙනුයි තාත්තගෙනුයි දෙන්නගෙන්ම සමබරව හම්බ උනේ. Continue reading “ශිල්ප කාලා නිදි !”

අතීතය සිහිනයක් පමණයි ~ VII කොටස

Caterpillar Earth Mover

කුඹුරක මළගම සහ පිට්ටනික උපත !

බොහෝ  කාලයක පටන් අප පාසලට ක්‍රීඩා පිට්ටනියක අඩු පාඩුව පැවතියත් ඒ පිලිබඳ කිසිවෙක් වැඩිදුර මැසිවිලි නැගුවේ වත් ආඩපාලි කියන්නවත් ගියේ නැත. එහෙම ඕනෑකමක් තිබුණත් අපිට ඇහුම් කම් දෙන්නට කවුරුවත් එදා හිටියා යයි මට හිතෙන්නේද නැත.

නමුත් සිසුන් සියල්ල එකම තැනකට ගෙන පාසලේ උදෑසන රැස්වීම පවත්වන්නට, එහෙමත් නැතිනම් ක්‍රීඩා උත්සවයක් පවත්වන්නට ඉඩ කඩක් සුභාරතියේ එදා නොතිබීම දැඩි අඩුපාඩුවක් බව බොහෝ දෙනාගේ මතය විය.

Continue reading “අතීතය සිහිනයක් පමණයි ~ VII කොටස”

අතීතය සිහිනයක් පමණයි ~ VI කොටස

චාන්දනී ටීචර් සහ කණ්ඩාගේ ඔල මොට්ටල වැඩ !

ඉස්කෝලේ පළමු දවස, තාත්තා සහ චාන්දනී ටීචර් ...
ඉස්කෝලේ පළමු දවස, තාත්තා සහ චාන්දනී ටීචර් …

කණ්ඩාගේ තාත්තා කොලුවාව හා හාපුරා කියා පන්තියට භාර දුන් අතර කණ්ඩාව වැටුනේ “1 – රෝස” කියන පංතියටය , පන්තිය භාරව හිටියේ බොහොම කරුණාවන්ත තරුණ ගුරුතුමියකි.

ඇගේ නමින් හඳුන්වනවා නම් චාන්දනී ටීචර්ය, ඇය කණ්ඩා වැනි පොඩි ළමයින්ට හරි කරුණාවන්තය එමෙන්ම පුදුමාකාර ඉවසිලිවන්ත කමකින් යුක්තය. Continue reading “අතීතය සිහිනයක් පමණයි ~ VI කොටස”

අතීතය සිහිනයක් පමණයි ~ V කොටස

සුභාරතියේ එකේ කැලෑසිය සහ පිලි ගැනීමේ උත්සවය !

subharathi-inside-2

(මේ තියෙන්නෙ ඔය කියන ප්‍රධාන ශාලාවම තමයි – හැබැයි මේක බොහොම මෑතකදි ගත්තු එකක් , සුභාරතියේ ආදි ශිෂ්‍ය සංගමයේ මුහුණු පොතෙන් තමයි අර ගත්තෙ )

කණ්ඩාට මතක තියන විදිහට සුභාරතියෙ එකේ කැලෑසියට කණ්ඩාව ඇතුලත් කරපු පළමුවෙනි දවසේ… කොලු කුරුට්ටෝ ටික ඔක්කොම ප්‍රධාන ශාලාවට එකතු කරලා පිලි ගැනීමේ උත්සවයක් තිබ්බ … Continue reading “අතීතය සිහිනයක් පමණයි ~ V කොටස”

අතීතය සිහිනයක් පමණයි ~ IV කොටස

අයිස් පලා….ම්, අයිස් පැකේ…..ට්… !

lanka_ice_cream_man-1

විවේක කාලේදී බොම්බයි මොටයි කාල ඉවර වෙලා අයිස් පලමකුත් කන්න පුළුවන් එකෙකේ හිටිය නම් ඒ බොහොම කලාතුරකින්, කොච්චර සල්ලි බාගේ තිවුණු පවුලක එකෙක්ට උනත් මහා භාණ්ඩාගාරෙන් ඒ කියන්නේ අම්මගෙන් හරි තාත්තගෙන් හරි දවසකට හම්බ උනේ රුපියලක් හමාරක් වගේ ඉච්චියක් තමයි.

Continue reading “අතීතය සිහිනයක් පමණයි ~ IV කොටස”

අතීතය සිහිනයක් පමණයි ~ III කොටස

බොම්බා….යි මොටා……යි !!!

bombayi-motayi-3

සුභාරතියේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වෙලා ටිකක් දුරක් ඉදිරියට එනකොට තමයි ලිඳයි අඹ ගහයි හමු වෙන්නේ. මේක බොහොම සාරේට කොළ තියන තදට හෙවන වැටිච්ච ලොකු ගහක්. මේ අඹ ගහ යට තමයි මුළු ඉස්කෝලෙටම තිබුන  සනීපම තැන. Continue reading “අතීතය සිහිනයක් පමණයි ~ III කොටස”

අතීතය සිහිනයක් පමණයි ~ II කොටස

ගොඩගම සුභාරතියේ නම් ගොඩම තමයි !

subharathi-logo මම පළමු වසර සිට පස්වෙනි වසර දක්වා ඉගෙන ගත්තෙ ගොඩගම සුභාරතී කණිෂ්ඨ විද්‍යාලයේ, නමුත් පසු කාලෙකදි නම සුභාරතී මහාමාත්‍ය විද්‍යාලය විදිහට වෙනස් වුණා. මේ පාසැල  වසර 1986 මම බාලාංශ පන්තියට ඇතුළත් වෙනකොට මේ ප්‍රදේශයේ තිබුන හොදම කණිෂ්ඨ විද්‍යාලය විදිහට හැමදෙනාම සැලකුව.

10896367_10152942082096206_5697538193105551263_o

Continue reading “අතීතය සිහිනයක් පමණයි ~ II කොටස”

Start a Blog at WordPress.com.

ඉහළ ↑

%d bloggers like this: