සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

Tag

සෝමාලියාව – Somalia

සෝමාලි කතා ~ VIII කොටස

large cluster of Desert Rose crystals_

හැබෑම වාලුකා කුසුම් සහ මිත්‍යා

පහුගිය ලිපියෙ වාලුකාවේ කුසුම හෙවත් වරිස්ගෙ කතාව ඉදිරිපත් කරාට වරිස්ට ඒ නම දුන්න හැබෑම වාලුකා කුසුම එහෙමත් නැතිනම් Desrt Flower/Rose කියන්නෙ මොන වගේ එකක්ද කියල කිසිම අදහසක් තිබුනේ නැහැ. ඇත්තටම කිව්වොත් අදහසක් තිබ්බ නමුත් ඒ තිබ්බ අදහසත් වැරදි නිසා තමයි මුළු ජංජාලය පුරාම බැලුවත් හොයාගන්න ලැබුනෙ නැත්තෙ.

Japanese Roseහේතුවකට හෝ අහේතුවකට හදිස්සියකට ඒදණ්ඩකවත් යන්න බැරි තරමේ බක පණ්ඩිතයෙක් වෙන මම, මේ කියන අපූරු මල අනිවාර්යයෙන්ම කාන්තාර වලට ආවේනික පතොක් හෝ කටු පඳුරු වර්ගයකට අයත් විය යුතු බවට පුර්ව නිගමනයකට එළඹිලා හිටිය. ඔය නිසා හෙව්ව බලපු හැම තැනම ගස් වල හැදෙන නානාප්‍රාකාර මල් ගැන උනන්දු උනා මිසක හැබෑම වාලුකා කුසුම ඉබේම මග හැරුන.   ඔහොම හිතාගෙන සර්ච් කරනකොට නිතරම ආවේ අපි “ජපන් අරලිය” කියන මල් විශේෂය (Adenium obesum).

ඒ නිසා වරිස් ගැන ලිපිය ලියල අහවර කරත් ඒ ලිපියට මේ ගැන කිසිවක් ඇතුළත් කරන්න ලැබුනෙ නැහැ … නමුත් අර විභාගෙකට ලියල ගෙදර ඇවිල්ලත් වද දෙන උත්තරයක් නොදන්නා ප්‍රශ්නයක් වගේ හිතේ කොනක ඇනි ඇනී මේ කාරණේ රැඳිලා තිබ්බ. වාසනාවට ලිපිය අන්තර් ජංජාලෙට මුදා හැරල වැඩි  දවසක් යන්න කලියෙන් උත්තර මාව හොයාගෙන ආව අටම්පහිය වත්පොත් සමූහයේ සාමාජිකයන් දෙපලක් වෙන රුවනි සහ යොශික යන දෙන්න මාර්ගයෙන්. Continue reading “සෝමාලි කතා ~ VIII කොටස”

සෝමාලි කතා ~ VII කොටස

Waris Dirie and Desert Flower Foundation

සෝමාලි කතා වගේ කතා හෙවත් වාලුකාවේ කුසුම

සෝමාලි කතා ඉවර කරල ආපහු හැරිලා බලනකොට තමයි මතක් උනේ .. ඒ කතා ඉවරයි කිව්වට ඉවරම නැහැ කියල. කණ්ඩා සතුව සෝමාලියාවට සම්බන්ධ තවත් ඉවර නොකරපු කතන්දරයක් තියෙනව. ඒ වෙන මොනවත් නෙමෙයි හම්බ වෙලා දැනට අවුරුදු 3 – 4 ක් වෙලත් කියවන්න පටන් අරන් අරගෙන අතරමග නවත්තල කුඩම්මාගේ සැලකිලි ලබමින් මගේ පොත් රාක්කයේ කොනකට වෙලා දුක් විඳින “කාන්තාරයේ කුසුම” පොත.

රංජිත් කුරුප්පු විසින් පරිවර්තනය කරන ලද මෙම කෘතිය කැත්ලීන් මිලර් (Cathleen_Miller) සහ වරිස් දිරී (Waris Dirie) විසින් රචිත Desert Flower කෘතියේ පරිවර්තනයක්. ප්‍රසිද්ධ සෝමාලි ජාතික සුරූපී මෝස්තර නිරූපිකාවක්, සමාජ ක්‍රියාකාරිනියක් සහ නිළියක් වන වාරිස් දිරීගේ චරිතාපදානයක් ලෙස ලියවුණු මෙය 1998 ප්‍රකාශයට පත්කරන ලදුව ලොව පුරා අතිශයින් ජනප්‍රියත්වයට පත් උනා. පසුව 2007 දී මෙය සිංහලට පරිවර්තනය කරනු ලබනවා. Continue reading “සෝමාලි කතා ~ VII කොටස”

සෝමාලි කතා ~ VI කොටස

Baggage Trouble

නයිරෝබි නරි නාටක සහ ඇදගෙන නෑම

මේ ඔක්කොම දේවල් ඉවර වෙලා අපිව ආයෙමත් ගුවන් යානයට නැග්ගුව, අන්තිමේදි අපි නයිරෝබි වලට ගොඩබානකොට නියමිත වෙලාවට වඩා පැයකටත් වඩා ප්‍රමාදයි. අපේ ෆ්ලයිට් එක මිස් උන නිසා මීළඟට තියෙන මොන දහිරිවාට්ටුවක හරි එල්ලිලා ආපහු ඩුබායි යනව කියල අපි හිත හදාගෙන හිටියෙ. ඩෙනිස් හිටිය නිසා මටත් ඒ ගැන එහෙමට අවුලක් තිබ්බෙ නැහැ, ඔලුවෙ තිබ්බ එකම දේ ආපහු බෑග් එක අර ගන්න එක විතරයි.

නමුත් අපි යානයෙන් එළියට එනකොටම ඉතියෝපියන් ගුවන් සේවයෙන් ඩුබායි බලා ගමන් ගන්නා මගීන් හැකි ඉක්මනින් ඇතුළු වීමේ දොරටුව (Boarding gate) වෙත යන්න කියල එතන හිටිය නිළධාරීන් දෙන්නෙක් බෑගිරි ගාන්න පටන්ගත්තෙ අපි නොහිතපු විදිහට. බලන් යනකොට ඉතියෝපියන් ගුවන් සමාගමත් හදවතින්ම ශ්‍රී ලංකිකයි, අපි යන්න නියමිතව හිටපු ගුවන් යානය පැයකටත් වඩා පරක්කු වෙලා නිසා යන්න තවමත් යන්න අවස්තාවක් තියෙනව. Continue reading “සෝමාලි කතා ~ VI කොටස”

සෝමාලි කතා ~ V කොටස

Mogadishu Airport Waiting Room

මොගඩිෂූ සිට නයිරෝබි බලා

ගිය පාර ලියපු කොටසට දාපු අර සූට්ටං තුවක්කු පොඩියක් අතේ තියාගෙන සෝමාලියන් රම්බෝ කෙනෙක් එක්ක කණ්ඩ පෙනී හිටිය පින්තූරෙට සෑහෙන ප්‍රතිචාර හම්බ උනා. ඒ තුවක්කුවෙ සයිස් එක වැඩිම උනොත් කණ්ඩගෙ උසට වියත් 2-3 ක් අඩු ඇති. නමුත් ඔය පින්තූරය මුහුණු පොතේ දාන්න මට සුපිරි කොම්පැණියෙන් එළියට බහිනකම්ම ඉන්න උනා, ඒ සේවයේ නියුතුව ඉන්නා තෙක් ආයතන නීති රෙගුලාසි වලට අනුගත වෙන්න අවශ්‍ය නිසා.

තුවක්කුව අතපත ගාන්න කරේ දාගන්න අවස්ථාව හම්බ උනත් එහෙම කරලා කාගෙ කාගේත් රස්සාවට කෙලවාගන්න බැරි නිසා අවාසනාවට පින්තූරයක් ගන්නනම් ලැබුනෙ නැහැ. ඒ වගේම මේ ආරක්ෂක සෙබළා ගැනත් වැඩි විස්තර මංතුමා දන්නෙ නැති උනත් බොහෝවිට ඒ හිටපු හමුදා හෝ පොලිස් භටයෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් ඒ පැත්තෙ අඩුවක් නැතිව ගහක් ගලක් ගානේ ඉන්න ආයුධ සන්නද්ධ කණ්ඩායමකින් බඳවාගත්ත කුලී හේවායෙක් උනත් පුදුම වෙන්න කොහෙත්ම හේතුවක් නැහැ. Continue reading “සෝමාලි කතා ~ V කොටස”

සෝමාලි කතා ~ IV කොටස

Mogadishu Security

මරණයක උණුහුම

කඳවුරේ ඒ වෙනවිට හිටපු අනෙකුත් සගයන් හමු වීමෙන් අනතුරුව රමන් නැවත කාර්යාලයට ගිය නිසා එදින කරන්නට වෙනත් වැඩක් නොතිබුණ මම මුළුතැන්ගෙය වෙත යන්නට පිටත් උනා. ඒ යන අතරෙතුරේ කඳවුර මැද සාරෙට හැදිල තිබ්බ තුරු ගොන්නට හිත ගියේ ඉබේමයි, ඒ වෙනකොටත් එතන ප්ලාස්ටික් පුටු කිහිපයක් තියල තිබුන නිසා ගිමන් නිවාගන්න පංකාදු තැන. 

කණ්ඩගේ සෝමාලියා ගමන යෙදිල තිබ්බ වකවානුවේ උෂ්ණත්වය සෙල්සියස් 32-35 තරමට තිබුනත් හිටපු ප්‍රදේශයේ ආර්ද්‍රතාවය වැඩි අගයක් නොගත්ත නිසාදෝ හෙවනකට උනහම වායු සමනය නැතත් සැප පහසුවට ඉන්න පුළුවන්. නමුත් ඉර මුදුන් වෙච්ච වෙලාවට නම් තරමකට රස්නෙයි. Continue reading “සෝමාලි කතා ~ IV කොටස”

සෝමාලි කතා ~ III කොටස

Mogadishu Security Men

මරණයේ නගරය ඔස්සේ සුපිරි කඳවුරට

සෝමාලියාවේ අගනුවර වෙන මොගඩිෂූහි (Mogadishu) නම සෑදී ඇත්තේ “මකාද්-ඊ-ෂාහ්” ( Maq’ad-i-Shah) හෙවත් ෂාහ්වරයාගේ නගරය යන පර්සියානු වචනාර්ථයෙන්. වර්තමානයේදී එය මරණයේ නගරය ලෙස අර්ථ දක්වන්නට හැකි නමුත් අතීතයේදී “ඉබ්න් බතුතා” (Ibn Battuta) (1331) සහ “ෂෙන්ග් හී” (Zheng He) (1413 to 1415) වැනි ලංකාව හරහා ගිය පුරාතන දේශාටකයන් පවා ගමන් කරන්නට සහ සංචාරක සටහන් තබන්නට යෙදුන අප්‍රිකානු මහද්වීපයේ වැදගත් නගරයක්. (ඒ ගැන වටිනා විස්තරයක් තියෙන ලිපිය වෙත මේ සබැඳියෙන් පිවිසෙන්න පුළුවන්)

දැන් නම අහන කොටත් බය හිතෙන ගතියක් තිබ්බත් එහෙව් නගරයකට තමයි කණ්ඩ ගොඩ බහින්න හදන්නෙ. සෝමාලියාවෙ තියන එකම අන්තර්ජාතික ගුවන්තොටුපොළ එහෙමත් නැතිනම් ඒඩ්න් අඩේ (Aden Adde International Airport) අන්තර්ජාතික ගුවන්තොටුපොළ පිහිටලා තියෙන්නෙ මුහුදු වෙරළ ආසන්නයේමයි, ඒ කෙතරම් ළඟින්ද කියනවා නම් ධාවන පථයේ සමහර තැන් වෙන් වෙන්නෙ වෙරළ ඉඳන් මීටර් 50-100 ක් වගේ අතිශය කුඩා පරතරයකින්. මොගඩිෂූ වෙරළ තීරය කෙතරම් අනාරක්ෂිත උවත් ඉතා අපූරු නිල් පාටකින් යුක්තයි. ඒ වගේම එය  කිලෝමීටර් 3,300 කටත් වඩා දුරකට විහිදෙනව. එය ලංකාව හා සැසඳුවොත් අපේ මුහුදු තීරය මෙන් දෙගුණයකටත් වැඩි ප්‍රමාණයක්. Continue reading “සෝමාලි කතා ~ III කොටස”

සෝමාලි කතා ~ II කොටස

Djibouti Ambouli International Airport 2

ගුවනේ සමයං සහ ජිබූටි

කණ්ඩව සෝමාලියා පටවන දවස උදා උනා … හාමිනේගෙ නම් මේ ගමනට වැඩි කැමැත්තක් තිබුනෙ නැහැ … හාමිනේල කොහොමත් එහෙමනෙ … එහෙමයි කියල නොයා ඉන්නයැ, රාජකාරිය කියන්නෙ දේවකාරිය. එනිසා පටන් ගත්ත ගමන යනවා ඇරෙන්න ආයිත් අමුතුවෙන් කියන්න තරම් වටිනා දෙයක් විශේෂ දෙයක් සිදු උනේ නැහැ.

ඒ වෙනකොට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අන්තර්ජාතික ගුවන් තොටුපොළවල් හතරක් තිබුන ඒ සාජා, ඩුබායි, අබුඩාබි සහ රාස් අල් කයිමා. මේ අතරින් අපේ කොටුව දුම්රියපොළ තරම්වත් නැති රාස් අල් කයිමා ගුවන් තොටුපොළ ඇරෙන්න අනික්වා ගුවන් ගමන් රාශියකට පහසුකම් සලසන කලාපයේ තිබුණු හොඳ මට්ටමේ ඒවා. මේ අතරින් කණ්ඩා ගුවන් යානයට නැග්ගෙ ලෝකෙ තියන කාර්ය බහුලම අන්තර්ජාතික ගුවන් තොටුපලක් වෙන ඩුබායි වලින්. Continue reading “සෝමාලි කතා ~ II කොටස”

සෝමාලි කතා ~ I කොටස

Somalia Flag1

නුබියාව නැතත් සෝමාලියාවට

කතාව පටන් ගන්න කලියෙන් කියන්නෙ මේක පට්ටම කම්මැලි හෑල්ලක්, හේතුව මේ කොටස මගේ මතකයන් අමු අමුවේ වැමෑරීමක් සහ මේ හා සම්බන්ධ සිදුවීම් වලට පසුබිම සැකසීමක් විතරක් වීම. කණ්ඩගෙ ඇෆ්ගන් කතන්දර කියවපු අයට නම් ඒ ගැන අලුතින් විස්තරයක් ලොකුවට ඕන වෙන එකක් නැහැ … නමුත් අලුතින් කියවන අයගේ පහසුව තකා මේ ටික ලිව්වෙ එහෙම නැතිව කතාවෙ අගක් මුලක් නැති වෙයි කියල හිතුන නිසා.

සුපිරි කොම්පැණිය කියන්නෙ කණ්ඩට ජීවිතේ ගැන කියල දීපු, එතෙක් දැනගෙන හිටියයි කියල හිතපු හැම දේම උඩුයටිකුරු කරපු අමතක නොවෙන හොඳ සහ නරක මතකයන් රාශියක් තිලිණ කරපු තැනක්. කොටින්ම බණ්ඩ රට ආව වගේ හිටපු කණ්ඩව වලිගෙ කපල මොඩ් ගොයියෙක් කරපු ආයතනය. කණ්ඩගෙ ජීවිතේ හොඳම කාලය මෙතනට ගෙවුනත් ඒ ගැන පසු තැවිල්ලක් නැත්තෙ ඒ හැම දේම වගේ බෙදා ගන්න හාමිනෙත් හිටපු නිසා. Continue reading “සෝමාලි කතා ~ I කොටස”

Start a Blog at WordPress.com.

ඉහළ ↑

%d bloggers like this: