සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

Tag

හාමිනේ

හාමිනේලාගේ කතා වස්තුව ~ VI කොටස

Cooking

කෑම සහ ඉල්ලං කෑම

සාමාන්‍යයෙන් කණ්ඩ කන්තොරුවෙ වැඩ අහවර කරල ගෙදර ආවහම පොතක් පතක් කියවනවට වඩා දවසේ වැඩ කතා බහ කරන ගමන් හාමිනේ කියන දෙයක් අහගෙන හූ මිටි තියන ගමන් Netflix ටෙලි වෘතාන්තයක් අස්සට රිංගල අතුරුදහන් වෙන එක තමයි සිද්ධ වෙන්නෙ … ඔව් කන්තෝරුවෙත් අයිස් ගෙදරත් අයිස්ම තමයි (එහෙම හිතා ගන්නකෝ … 🙂 ) !

ගෙදර ඇවිල්ල ඇඳුම් මාරු කරගෙන මම කඩවසම් රූපවාහිනිය (නෑ .. නෑ .. මම නෙමෙයි කඩවසම්  කිව්වෙ රූපවාහිනිය … අර Smart TV කියන්නෙ) ඉස්සරහ වාඩි උනා විතරයි …  හාමිනේ බොහොම ආදරයෙන් ඒක නෙමෙයි බ ..බා …. කියල බොහොම ආදරෙන් ඇදල පැදල කතාව පටන් ගන්නකොටම මම දන්නව එන්නෙ හොඳ පොටකට නෙමෙයි බව. අනේ ඉතිං එහෙම පටන් ගන්න වාක්‍ය බොහෝ විට ඉවර වෙන්නෙ … අද රෑට කන්නෙ මොනවද … ? කියල. Continue reading “හාමිනේලාගේ කතා වස්තුව ~ VI කොටස”

හාමිනේලාගේ කතා වස්තුව ~ V කොටස

Appa - Hoppers 1

රස ආප්ප සහ රස වතුර

වර්තමානයේ ඉතිරි වෙලා ඉන්න වානර විශේෂ ඉන්නව නේද … “ඔරන්උටං” (Orangutan) , “ගෝරිල්ලො” (Gorilla), චිම්පන්සියො (Chimpanzee) සහ අනිත් වඳුරෝ වගේ නෙමෙයි ලෝකෙටම ඇණයක් වෙලා ඉන්න අර මයිල් නැති වානරයො සෙට් එක … එක එක පාටට සයිස් එකෙන් හිටියට මුන් ඔක්කොම “හෝමෝ සේපියන්ස්” (Homo sapiens) කියලනෙ පොදුවේ හඳුන්වන්නෙ.

ඒත් එහෙමත් මදි, ඔය අලගිය මුලගිය තැන් හොයන්න තියන කැසිල්ල නිසා තමයි අපිට ඉස්කෝලෙ යන කාලෙ නීග්‍රොයිඩ් (Negroid), මොන්ගොලොයිඩ් (Mongoloid) සහ කෝකසොයිඩ් (Caucasoid) කියල තව අනු වර්ග තුනක් ඉගැන්නුවෙ.

හැබැයි නුතන මානව විද්‍යාව ගත්තහම සමාජය හිතන ආකාරයේ වෙනස්කම්, වර්ගවාදී බවින් මිදිල මේ දිහා බලන්න පුළුවන් සමාජීය, ජෛව විද්‍යාත්මක සහ භාෂාමය විධික්‍රම දැන් තිබෙන නිසා දැන් මේව භාවිතයෙන් ඈත් වුණු යල් පැනගිය බෙදීම්. නමුත් උ.බු.ජ. (උගත් බුඩ්ඩිමත් ජනතාව) අතුරින් මංතුමා වගේ පුෂ්ටිමත් පුද්ගලයෙක්ට ඔය බෙදන වැඩේ බාර දුන්න නම්  ඕක බෙදන්නෙ “සරම් & චීත්ත” කියල විතරයි. Continue reading “හාමිනේලාගේ කතා වස්තුව ~ V කොටස”

චීන කතා ~ I කොටස

Chinese

චීන චයිනීස් සහ හොට් පොට්

අද කියන්න ලෑස්ති වෙන චීන කතා ඇදිලා ආවෙ අර කට කහන කතා ලියන දුමී කියන හාදය කොල්ලුපිටියෙ චීනගෙ චයිනීස් ජොයින්ට් එක ගැන රසවත් පරණ මතක අවුස්සපු නිසා. (ඔන්න කියවන්න කම්මැලි නැති ඈයො ඉන්නව නං මෙතනින් ගිහිං අටම්පහියෙ තියන ඒ ලිපි කියවන්න පුළුවන් : 1 කොටස , 2 කොටස )

බම්බලපිටිය සහ කොල්ලුපිටියෙ කරක් ගහපු අපේ සහ එයට කලින් පරම්පරාවෙ උදවිය චීනා සහ මැලේ ජොයින්ට් එක අහිමි වීම අදටත් සලකන්නෙ ජාතික අපරාධ විදිහට …. සුන්දර අතීත මතක කොයිතරම් තිබ්බ තැන්ද ?

කණ්ඩ හාහාපුරා රස්සාවක් කියල දෙයක් කරන්න පටන් ගත්තෙ DP Aides ආයතනයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ ඇසිස්ටන්ට් ලෙක්චර කෙනෙක් විදිහට ( ඒක මේ විශ්ව විජ්ජාල වගේ ලොකු කතන්දරයක් නෙමෙයි, බොහොම පොඩි ජොබ් එකක් ). ලංකාවෙ පටන් ගත්ත මුල්ම තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ආයතන වලින් එකක් වෙන මේක පිහිටලා තිබ්බෙ බම්බලපිටියෙ ඩුප්ලිකෙෂන් පාරෙ පරණ කරවෑන් එක ඉස්සරහමයි. Continue reading “චීන කතා ~ I කොටස”

මැදක් නැති පෙරදිග ~ XI කොටස

House Shifting

ගෙවල් මාරුව සහ මැදපෙරදිග කතා

මේ කතාව බාගෙට ලියල අතරමග නවත්තල දැන් හය මාසෙකටත් වැඩියි … අලුත් ගෙදරට ගොඩ වැදිලා දැන් එතරම්ම කාලයක් … කණ්ඩගෙ වැඩ ඉතින් ඔහොම්මනේ 🙂 එහෙම හරි මේ හෑල්ල ලියල දාන්න ඕන කියල හිතුව .. ඕන එහෙනං තේ කහට කෝප්පයක් හරි ඒ පාටම වෙන මොනවා හරි අරන් හරිබරි ගැහිල වාඩි උනා නම් ?

මේ කතන්දරේ අතර මගින් පටන් ගත්තට කතාවේ හැබෑ මූලාරම්භය එයිට දුරයි, කොහෙන් පටන් ගන්නද කියා තේරෙන්නෙ නෑ. එනිසා ගෙවල් මාරුවෙන් පටන් ගත්තොත් හොඳයි කියල හිතනව.

ගෙවල් මාරු කරනවා කියන්නෙ කණ්ඩා බොහොම අකමැති කාරණයක්. මැදපෙරදිගට ආපු මුල් දවස් වල සකලමනාවම සූට්කේස් එකකටත් මදි කාලෙත් එහෙමයි. එහෙව් එකේ කාමර දෙක තුනක සුකුරුත්තං, ලී බඩු, ඇඳුම් කැඩුම් හාමිනේ කියන කියන විදිහට පුරෝ ගත්තට පස්සෙ ඒක තනිකරම යුද්දෙකට එහා ගිය වැඩක්. Continue reading “මැදක් නැති පෙරදිග ~ XI කොටස”

හාමිනේලාගේ කතා වස්තුව – IV කොටස

Earrthquake

පඩි වැඩි වීම සහ භූමි කම්පා !

පහුගිය වංගියක කණ්ඩගෙ මෙන්ම හාමිනේගෙත් පඩි වැඩිවීම බොහොම සතුටු වෙන්න ඕන කාරණයක්, ඒ ගැන හාන්කවිසියක උනන්දුවක් හෝ බලාපොරොත්තුවක් නොතිබුණත් දෙන දෙයියෝ ඔඩොක්කුවටම ගෙනත් හලනකොට එපා කියන්නට බෑ නෙව.

මේ වෙනස නිසා අපි දෙන්න කොයිතරම් නම් උද්දාමයට පත් උනාද කිව්වොත් දැන් ඉන්නෙ හඳ අල්ලන්න හූවක දුරින් බව කියන්න සතුටුයි.

නමුත් දැනට හය මාසයකට එහා අතීතයේ දවසක සිද්ද උන මේ විස්තරේ ආපහු  ලියන්න මතක් උනේ ඊයෙ පෙරේද උන ඇබැද්දියක් නිසා. හඳ අල්ලන්න බලාගෙන හිටපු කණ්ඩා දෙමහල්ලො එතෙක් පාවෙමින් සිටි සබන් බෝලය හිල් වෙලා ගිය හැටි කතාව සහ තවත් අතුරු කතා, කතා මැද කතා ඇද බාන්න තමයි මේ හදන්නෙ. Continue reading “හාමිනේලාගේ කතා වස්තුව – IV කොටස”

මා අත ගත් ඔබ

Nawam Sanniya

මා අත ගත් ඔබ …

හොස්ස ලඟින් යන මැසි මදුරුවන් කෙරේත් අනුකම්පා උපදවන මනුස්ස ප්‍රාණියෙක්ය …
සුරාවෙන් සූදුවෙන් තොර ඇල්වතුරත් නිවා පානය කරන්නෙක්මය …
කාන්තා පරාණයක් දිහා ඇසක් ඇර නොබැලූ නිවුණු දරුවෙක්මය …
හතර පෝයට අට පාරක් සිල් සමාදන් වන උපන් දා සිට බොරු නොකියූ උපාසකයෙක්මය …
කිසිදා කිසි විටෙක කිසිඳු හේතුවකට තරහා යන්නේ නැත්තෙක්මය …
ලොව සියළු දේ ගැන අතැඹුලක් වටහා ගත්තෙන් නොදන්නා දෙයක් නැත්තේමය …
කලාව සහ සංගීතය අතින් ශිල්ප කාලා නිදි, කතී වෙන මීයෙන තලයේය …
ගෙදරදොර  සියළු වැඩක් දුක් මහන්සිය නොබලා ඉටු කරන්නේක්මය …
සිය භාරියාවට ප්‍රාණ සරිව ස්නේහය දක්වන උත්තම ස්වාමි පුරුෂයෙක්මය …
මෙවන් සැමියෙකු ලබන කාන්තාව වාසනාවන්තයන්මය …

තමන්ගෙ හාමිනේ දිව්‍යාංගනාවක් වගේ සැරසිලා ඇවිල්ලා ඔහොම කියන එක ඕනෑම හස් බණ්ඩෙක්ට ලබන්න පුළුවන් අතිශය දුර්ලභ වාසනාවක්, මමත් එහෙම කෙනෙක් කියල හිතෙනකොට දැනෙන ඒ සතුට මට නොදැනුනේ … එලාම් ඔරලෝසුවේ හඬට උඩින් ඇහුණු හාමිනේගේ එලාම් එකට තිගැස්සී තුම් මුනින් දාඩිය දාගෙන ඇහැරුණු නිසා 😦

කෝ මගේ තෑග්ග ? හුටා … කුණු කෙළ පිටින්ම කිස් එකක් දෙන්නද ? 😀

උදේ පාන්දර මාව ඇහැරවපු එලාම් ඔරලෝසුවට සුභ නවම් සන්නියක් වේවා !

~ කණ්ඩා ! Continue reading “මා අත ගත් ඔබ”

බොකුටු කේශ කල්‍යාණය සහ තවත් කතා

Afro Hair 2

පොඩි දවස් වල මතක ඇති කාලෙක ඉඳල කණ්ඩට තිබ්බෙ වැස්ස වෙලාවක එළියට බැහැල අකුණක් වැදුන ගානට ආපු ඉත්තෑ කූරු කොණ්ඩයක් නමුත් අපේ තාත්තට බොහොම හැඩ බොකුටු කොණ්ඩයක් තිබුණ. 70 – 80 ගණන් වල තාත්ත තරුණ කාලෙ බූසි කොණ්ඩ (Afro) ෆැෂන් එකක් වෙලා තියෙද්දි අර ගත්තු පින්තූර දැක්කම නළුවෙක් වගේ තමයි. ඉතින් එහෙව් එකේ කරුමෙට හැදිච්ච මගේ ඉත්ත කූරු කොණ්ඩෙ හෙනම වාතයක්.

ළමා වියට ආයුබෝවන් කියල උගුරු ඇටේ එළියට පැනගෙන එන කාලෙ වෙනකොට මේ අකීකරු කොණ්ඩ කෙටිය ආම්බාන් කරන්න තවත් අමාරැයි. අනික ඉතිං ගෑල්ලමයෙක් දෙන්නෙක් ගැන හිතේ පොඩි එව්වා මෙව්වා ඇති වෙනකොට ලස්සනට ඉන්න ඕන හින්ද මේ කොණ්ඩෙ හෙනම වදයක්. Continue reading “බොකුටු කේශ කල්‍යාණය සහ තවත් කතා”

මස්කට් කතන්දර ~ VI කොටස

Boat Near Bhandar Khiyran

සිෆා සහ බණ්ඩාර් ඛයිරන්

මස්කට්හි සිට සිෆා (Sifah) වෙත දිවෙන මග වැටී ඇත්තේ මනස්කාන්ත කඳුකර ප්‍රදේශයක් හරහාය, ඕමානයේ ඇති විශේෂ භූ ලක්ෂණයන් පිලිබඳ හදාරද්දී රට පුරාවට විහිද ඇති කඳු පන්තීන් ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුවාක් මෙන්ම ඒ අතර  ඉදිරියෙන්ම සිටිනා ප්‍රතාපවත් “හජාර්” කඳුවැටිය ගැන කතා බහ කිරීමෙන් වැළකීමටද බැරිය. අරාබි බසින් “ජෙබෙල් අල් හජාර්” (Jebl Al Hajar) ලෙස හඳුන්වන මෙහි සෘජු අරුත වන්නේ “ශෛලමය කඳුවැටිය” යන්නයි.

හජාර් කඳුවැටියේ එක් කෙලවරක් ඇරඹෙන්නේ ඕමානයේ උතුරු කොන වන එක්සත් අරාබි රාජ්‍යයෙන් සහ පර්සියානු මුහුදින් වටවූ මන බඳිනා “මුසන්දම්” (Musandam) ප්‍රදේශයෙනි. මුසන්දම් අර්ධද්වීපය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ “කූඩාරම් කොත” ලෙස හඳුන්වන රට අග්ගිස්සේම පිහිටි “රස් අල් කයිමා” (Ras Al Khaimah) සහ එයිට මෙපිටින් ඇති “ෆුජෙරා” (Fujeirah) එමිරේට නිසා ඕමානයේ අනෙකුත් ප්‍රදේශයන්ගෙන් වෙන්ව පවතින්නේය. Continue reading “මස්කට් කතන්දර ~ VI කොටස”

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ V කොටස

The Barking Dog

බුරන ස්ටේසම සහ දැවැන්තයෙක් හමුවීම !

ලිච්ෆිල්ඩ් (Lichfield) සිට නගරාන්තර දුම්රියකින් ලන්ඩන් යුස්ටන් (London Euston) වෙත පැමිණි අප ඉන් අනතුරුව ටියුබ්” (Tube) හෝ අන්ඩග්‍රවුන්ඩ්” (Underground) ලෙස හඳුන්වන නගරය ඇතුලත දිවෙන මෙට්‍රෝ දුම්රියකට ගොඩවීමු.

විනාඩි 30 – 40 ක ගමනක අවසානයේ දුම්රිය පොළ කිහිපයකින් මාරු වී ගමනාන්තය වෙත ලඟා වෙද්දී අප මිතුරියගේ සැමියා අප එන මග බලා සිටි බැවින් අපගේ දුම්රිය ගමන එතෙකින් නිමා විය. Continue reading “හිරු නොබසිනා දූපතේ සවාරිය ~ V කොටස”

Start a Blog at WordPress.com.

ඉහළ ↑

%d bloggers like this: