සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

Tag

4×4

II කොටස ~ භූතරණ උමතුව

පාරෙන් පිට පැනීම සහ අවලම්බන

දැන් ඉතින් මේ මොන අවලම්බනයක්ද කියල අහන්න එපා, අද ලියන්න බලාපොරොත්තු වෙන්නෙ රෝද සහ සස්පෙන්ෂන් සම්බන්ධයෙන් අපේ ගමන් සගය වෙන FJ කෘසරේට කරපු වෙනස්කම් වෙනස්කම් කිව්වෙ වැඩි දියුණු කිරීම් මිස කෙනෙහිලි නෙමෙයි හොඳේ ) සහ අදාල නිධාන කතාව. කවදාවත් ලොකුවට හිතුවෙ නැති උනාට සස්පෙන්ෂන් කියන සුද්දගෙ පදේ හෙළුවෙන් වනන්නෙ කොහොමද කියල හෙමිහිට අන්තර් ජංජාලය පීරල බලනකොට තමයි ඔය අවලම්බන පද්ධතිය කියන හරුපෙ හමු උනේ. රෝද හතර වාහනේට එල්ලල තියෙන අංගෝපාංග වලට කියන්න වෙන නමකුත් නැති හන්ද නමේ ලොකු අවුලක් නෑ. ඒත් ඩිංගක් විතර හෙළ අවුල් සහ සර්වලෝක පූට්ටු (Universal Joint) ගතියක් එන්න ඉඩ තියෙන නිසාත් මම ආර්යසේන ආශුබෝධ නොවෙන නිසාත් සස්පෙන්ෂන් කියල දන්නා සිංහලෙන්ම කියන්නම්.

වාහනයක් උනහම ගැස්සෙන්නෙ පෙරලෙන්නෙ නැතිව යන ගමනක් පහසුවෙන් යන්න පුළුවන් වෙන එක තමයි සැප පහසුව තීරණය කරන ලොකුම කාරණාව. ඒකට වග කියන්න ඕන ඉතිං වාහනේ රෝද සහ සස්පෙන්ෂන් පද්ධතිය නිසා හැමදාම පාරෙන් පිට පනින්න බලන් ඉන්න අපිට FJ යන්තරේ ගැන අමුතුවෙන්ම හිතන්න උනා. මේකට ප්‍රධාන හේතුව කණ්ඩා විප්‍රවාසීව ඉන්න ඔටු දේසෙ ටොයොට ඒජන්ත තැන වෙන “අල පුටයිං” කොම්පැණිය වාහනේට කරපු හදි හූනියමක්. වාහනේ ගෙදර ගෙනත් යකා වගේ පාක් කරල තිබ්බට මොකද බරපතල වැඩ ගන්න තහනම්.

Continue reading “II කොටස ~ භූතරණ උමතුව”

ඇවිදින එක පිස්සුවක් !

I කොටස ~ භූතරණ උමතුව

හඳ මෝරන කාලයට පිස්සන්ගේ උමතුව තීව්‍ර වෙන්නා සේම කණ්ඩාටද කාලයෙන් කාලයට නොයෙක් ආකාරයේ උමතු වැළඳීම අතිශයින්ම සාමාන්‍ය දෙයක්. හාමිනේට අනුව නම් ඔය කොයි පිස්සුවත් පවතින්නේ ඉතාම කෙටි කාලයක් විතරයි, ඒ බැන්ද දා සිට කල නිරික්ෂනයන්. එව්වා එහෙමයි, මං ගැන හොඳින්ම දන්නේ උන්දෑ තමා. නමුත් එකී මෙකී නොකී අට අසූවක් පිස්සු අතරින් රථ ගාය, කෑමට බීමට ලොල්වීම සහ සවාරි පිස්සුව  වැනි කිසිදා සුව නොවන සදාකාලික උමතුද කණ්ඩාට නැතිවාම නොවේ. Continue reading “ඇවිදින එක පිස්සුවක් !”

Start a Blog at WordPress.com.

ඉහළ ↑

%d bloggers like this: