සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

Tag

Wordpress – වදන් තදය

වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ XII කොටස

How-to-add-social-media-to-WordPress

වර්ඩ්ප්‍රෙස් අඩවියට සමාජ ජාල සම්බන්ධ කිරීම

පාඨක ඔබගෙන් වෙනත් ඉල්ලීම් නොලදහොත් මේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් සාදා ගන්නා අකාරය පිළිබඳව ලියවෙන අවසාන ලිපියයි. මෙම ලිපි පෙළෙන්  කවුරුන් හෝ යමක් ඉගෙන ගත්තා නම් එය කණ්ඩාට සතුටකි. “නෙදකින් වදන්තද” යයි මුමුණමින් කාට හෝ මුලගින්න තද උනේ නම් එයද අප්‍රමාණ සතුටකි 🙂

බ්ලොග් අඩවි ප්‍රවර්ධනය සඳහා සමාජ ජාල අඩවි ප්‍රයෝජනයට ගත හැකි බව පෙර ලිපියෙන් කතාබහ කළ නිසා මෙම ලිපියෙන් පහත දැක්වෙන මාතෘකා ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙමි :

  • ඔබගේ බ්ලොග් අඩවියට Facebook පිටුවක් සාදා ගැනීම
  • ඔබගේ Facebook පිටුව බ්ලොග් අඩවියට සම්බන්ධ කිරීම

  • බ්ලොග් අඩවියට Facebook විජට් ඇතුළත් කිරීම
  • බ්ලොග් අඩවියට Instagram විජට් ඇතුළත් කිරීම

ෆේස්බුක් සහ Instagram වලට අමතරව Google+, TumblrTwitter වැනි අනෙකුත් සමාජ ජාල සමග සම්බන්ධ වීමේ පහසුකම්ද ඇති අතර, එම සමාජ ජාල හා සම්බන්ධ වීමට මෙය පෙරහුරුවක් වනු ඇත. මෙම සමාජ ජාල ගිණුම් භාවිත කිරීම අත්‍යවශ්‍ය නැතත් ඒවා ඔබට පහසු සහ අවශ්‍ය ආකාරයට යොදා ගැනීමෙන් ඔබ බ්ලොග් අඩවියට පැමිණෙන පාඨක සංඛ්‍යාව වර්ධනය කර ගැනීමට අවස්ථාව ඇත. Continue reading “වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ XII කොටස”

වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ XI කොටස

Promote-your-blog 2

බ්ලොග් අඩවි ප්‍රවර්ධනය කිරීම

ඔබ බ්ලොග් අඩවියක් සාදා ගත් පමණින් එය වටා විශාල පාඨකයන් පිරිසක් එක් රොක් වේ යයි ඔබ සිතන්නේ නම් එය වැරදි වැටහීමකි. බ්ලොග් අඩවිය ප්‍රචලිත කිරීම සහ එමගින් පාඨකයන් හෙන්වා ගැනීම සඳහා ඔබ අතින් නිරතුරුව සිදු විය යුතු කරුණු කාරනා කිහිපයක් ඇත.

මේ සඳහා අමතර ශ්‍රමයක් වැය කිරීමට සිදු වනවා මෙන්ම ඒ සඳහා කාලය කැප කරන්නට අවශ්‍ය කාලය සහ ඉවසිලිවන්ත බවද ඔබ සතු විය යුතුය. ඒ මෙම කාර්යයන් ඉටු කිරීමට මෙන්ම ඒවායේ ප්‍රථිපල ලැබීමටද අවුරුදු කිහිපයක කාලයක් ගත විය හැකි නිසාය.

සැලකිය යුතුයි :

රෝමය එක දිනකින් ගොඩ නැගුවේ නැත ~ Rome Wasn’t Built In a Day ! 😀

Continue reading “වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ XI කොටස”

වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ X කොටස

Wordpress Password

අමතක වූ වර්ඩ්ප්‍රෙස් මුරපද අලුත් කිරීම

වර්ඩ්ප්‍රෙස් මුරපද අලුත් කිරීම හෙවත් පාස්වර්ඩ් රිකවරි (Password Recovery) සිදුකරනා ආකාරය පැහැදිලි කරනා බවට කණ්ඩා පසුගිය ලිපියෙන් පොරොන්දු වූ නිසාත්, කණ්ඩා දේශපාල අඥානයෙක් නොවන නිසාත් මේ ලැහැස්තිය පොරොන්දුව ඉටු කිරිමටය.

මුරපදය අමතක වීම මනුස්ස ගතියකි එයට සමාව දීම වර්ඩ්ප්‍රෙස් ගතියකි, කෙසේ වෙතත් ඔබ මෙතෙක් කල් කමෙන්ට් කිරීමට භාවිත කළ වර්ඩ්ප්‍රෙස් ගිණුමේ මුරපදය නැතිවූ විට පහත දැක්වෙන දේවල් වලින් එකක් හෝ කිහිපයක් හැකි අයුරින් සම්පුර්ණ කරන්න (මේ සියල්ල පසුගිය දෑවුරුද්ද තුළ කණ්ඩාචාර්යතුමාට ලැබුණු ප්‍රතිචාර ඇසුරින් බව කරුණාවෙන් සලකන්න 😀 )

  • වර්ඩ්ප්‍රෙස් කියන්නෙ මහා ජරාවක් බව හන්දියේ කඩේ මුදලාලිගේ සිට අල්ලපු ගෙදර ටොමියා දක්වාත් දන්නා කියනා සියළු දෙනාටම පවසන්න
  • ආපෝ … වර්ඩ්ප්‍රෙස් වල කමෙන්ට් කරන්න අමාරුයි පාවිච්චි කරන්න එපා යයි සෑම කෙනාම හැකි පමණින් අධෛර්යයට පත් කරන්න
  • වදන්තද බ්ලොග් අඩවියක් කියවන වාරයක් පාසා වර්ඩ්ප්‍රෙස් කණ්ඩායමේ සහ වර්ඩ්ප්‍රෙස් බ්ලොග්කරුවන්ගේ මාපියවරුන් සිහිකර පිං පැමිණවීමට පියවර ගන්න

( දැනට හිටංතුමාගේ, අප්පොච්චිගේ, බීන්තුමාගේ සහ ට්‍රම්පයියාගේ මව්පියන් හැරුණුකොට මෙතේ බුදුන්ගෙන් පසු නිවන් දකින පෝලිමේ පිං මලු කර තියාගෙන මුලින්ම ඉන්නේ වර්ඩ්ප්‍රෙස් භාවිත කරන උදවියගේ දෙමව්පියන්ය 😀 . එමෙන්ම මෛත්‍රී බෝධිසත්වයන් නම වෙනස් කරගන්නට යන බවද ආරංචිය )

  • කවුරු කියූවත් මුරපදය නැතිවීම සහ එය අලුත් කරනා විදිහ පිළිබඳ නොදැදැනුවත්කම කිසිවිටෙකත් තමන්ගේ වැරද්දක් ලෙස කිසිඳු ආකාරයකින් පිළිනොගන්න

ඉහත සඳහන් දේ සම්පුර්ණ කර සීතල වතුර වීදුරුවක් පානය කිරීමෙන් අනතුරුව ඔබගේ වර්ඩ්ප්‍රෙස් ගිණුමේ මුරපදය අලුත් කරන්නේ කෙසේද යයි විමසා බැලීමට කැමති නම් තවදුරටත් මෙම ලිපිය කියවන්න. Continue reading “වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ X කොටස”

වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ IX කොටස

Wordpress Comments

වර්ඩ්ප්‍රෙස් බ්ලොග් වල කමෙන්ට් කිරීම/ප්‍රතිචාර දැක්වීම

මෙම කොටස වෙන් වන්නේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් ලිපි සඳහා කමෙන්ට් කිරීම (Commenting) හෙවත් ප්‍රතිචාර දැක්වීම පිලිබඳ විස්තර කිරීමටයි. වර්ඩ්ප්‍රෙස්හි වයන්නවත් නොදන්නා සහ ඉගෙන ගැනීමටද උනන්දුවක් නොගන්නා බහුතරයක් සිංහල බ්ලොග්කරුවන්ගේ අප්‍රසාදයට වර්ඩ්ප්‍රෙස් හසු වීමට ප්‍රධාන හේතුවක් ලෙස ඔවුන් ඉදිරිපත් කරන්නේ කමෙන්ට් කිරීමට ඇති අපහසුවයි. පසු ගිය ලිපි කිහිපය පුරාවට විවිධ අය නොයෙක් ආකාරයෙන් මේ පිළිබඳ විමසූවේය :

  • ඇයි වර්ඩ්ප්‍රෙස් මේ තරම් ගණන් ? (යැංකි ඌස්නෙ වෙන්ටෑ)
  • ඇයි වර්ඩ්ප්‍රෙස් වල කමේන්ට් දාන්න අමාරු ?
  • කමේන්ට් දාන්න හැම පාරකම වර්ඩ්ප්‍රෙස් වලට ලොග් වෙන්න ඕනද ?
  • වර්ඩ්ප්‍රෙස් වලට ලොග් වෙන්නෙ නැතුව කමෙන්ට් දන්නා බැරිද ?
  • අපි දාන වර්ඩ්ප්‍රෙස් කමෙන්ට් පෙන්නන්නෙ නැහැනෙ ?
  • වර්ඩ්ප්‍රෙස් වලට ලොග් වෙලා කමේන්ට් දැම්මම බ්ලොගර් එකට ලොග් වෙන්න බෑනෙ ?
  • ඇයි වදන්තද කාරයන්ට බ්ලොගර් පාවිච්චි කරන්න බැරි ? (ඇයි බ්ලොගර් පප්පලට වදන්තද අරහන්ද ?)

අන් සෑම දෙයක්ම මෙන් මෙම ප්‍රශ්න පිටුපසින් ඇති ලොකුම කාරණය නොදැනුවත්කමයි, එය වෙනස් කිරීම දැනුම ඇත්තන්ගේ කාරියයි. වර්ඩ්ප්‍රෙස්හි කමෙන්ට් කරන්නට අපහසුයි යන දුර්මතය ඒ පිලිබඳ දැනුවත් කිරීම මගින් මදක් හෝ බිඳ දමන්නට හැකි උවහොත් එය කණ්ඩා ලබන කුඩා ජයග්‍රහණයකි. Continue reading “වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ IX කොටස”

වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ VIII කොටස

Worpress Follow Me

පාඨකත්වය ලබා ගැනීම, වර්ඩ්ප්‍රෙස් ලිපි කියවනය

බ්ලොග් අඩවියක් ෆලෝ (Follow) කිරීම යනු එහි පාඨකයකු ලෙස ලියාපදිංචි වීම බව පළමු ලිපියෙන් ඉගෙන ගත් බව ඔබට මතක ඇතැයි සිතමි. එලෙසම බ්ලොග් අඩවියක ලියාපදිංචි වූ පාඨකයන් “ෆලොවර්ස්” (Followers) ලෙස හැඳින්වේ.

අද පාඩම වෙන් වන්නේ පහත දැක්වෙන කරුණු සඳහාය

  1. වර්ඩ්ප්‍රෙස් අඩවියක පාඨකයකු ලෙස ලියාපදිංචි වීම (Methods of Following)
  2. වර්ඩ්ප්‍රෙස් ලිපි කියවනය හෙවත් රීඩර් (WordPress Reader)
  3. ඔබ බ්ලොග් අඩවියේ පාඨකත්වය ලබා දීමට කළයුතු වෙනස්කම් (Add Following Widgets)
  4. බ්ලොග් රෝල් එකක් ඇරඹීම (Maintaining a Blog Roll)
  5. වර්ඩ්ප්‍රෙස් සහ බ්ලොගර් පාඨකත්වයන් සංසන්දනය
  6. පාඨකයන්ගේ ලැයිස්තුව (Followers)

Continue reading “වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ VIII කොටස”

වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ VII කොටස

Blog-Post.jpg

වර්ඩ්ප්‍රෙස් භාවිතයෙන් බ්ලොග් ලිපි සකස් කිරීම සහ සිංහල යතුරු ලියනය

බ්ලොග් අඩවියක් අටවා ගත් පසු වැදගත්ම දේ ලිවීමය. පසුගිය ලිපිය මගින් බ්ලොග් ලිපියක් ලිවීමේදී සැලකිය යුතු කරුණු කාරනා ගැන දැනුවත් කළ බැවින්, මෙම ලිපිය වෙන් වන්නේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් ලිපි ලිවීමට අදාල විස්තර ගෙන ඒමටයි.

  • සිංහල යතුරු ලියනය සහ අදාළ මෘදුකාංග
  • ලිපි සකසන වර්ඩ්ප්‍රෙස් ලිපි ලියනය (WordPress Editor)

මේ සඳහා ඔබට සිංහල යතුරුලියන මෘදුකාංගයක සහය ලබා ගැනීමට සිදු වන අතර ඒ සඳහා යොදා ගත හැකි මෘදුකාංග කීහිපයක් පහත සඳහන් කර ඇත.

එයට අමතරව ලිපි ලිවීම සඳහා සෑම බ්ලොග් මෘදුකාංගයකටම එනම් ප්ලැට්ෆෝම් (Platform) එකකටම එය සඳහාම ආවේනික වූ ලිපි ලියනයක් හෙවත් එඩිටරයක් (Editor) ඇත. බොහෝවිට ඒවායේ ඇති මූලික අංගෝපාංග සමාන වනමුත් භාවිතයේදී යම් වෙනස්කම් තිබේ.

මෙම ලිපියෙන් වර්ඩ්ප්‍රෙස් ලිපි ලියනය (WordPress Editor) පිළිබඳ මුලික දැනුම ලබා දීම කණ්ඩාගේ අරමුණයි.

Continue reading “වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ VII කොටස”

වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ VI කොටස

Tips For Writing A Blog Post

සාර්ථක බ්ලොග් ලිපියකට අවශ්‍ය මොනවාද ?

දැන් සති කිහිපයක ඉඳන් කණ්ඩාචාර්යතුමා බ්ලොග් එකක් හදන හැටි කියල දුන්නත්, තවම බ්ලොග් ලිපියක් එහෙම නැතුව බ්ලොග් භාෂාවෙන්ම කියනවනම් “පොස්ට්” (Post) එකක් ලියන විදිහ කියල දුන්නේ නැහැ නෙව.

ඉස්තාලෙ හැදුවට ගාල් කරන්න අස්සයො හදන්නෙ නැතිනම් වැඩක් නැහැ කියල කණ්ඩ දන්නව නමුත් බ්ලොග් ලිපියක් ලියන්න කලින් ඒ ගැන පොඩියක් දැනුවත් කළොත් හොඳයි කියල හිතුන නිසා මේ ටිකත් කියලම වැඩේට බහින්න හිතුව. අපි මේ කරුමාන්තෙට බහිනකොට අපිට මග පෙන්වන්න කට්ටිය හිටියෙ බොහොම සුළු දෙනයි, ඒත් අපි වැටිච්ච වලවල් වල අනිත් අය වැටෙන්න අනවශ්‍යයි !

ඒ නිසා අද පාඩම  :

සාර්ථක බ්ලොග් ලිපියක් ලියන්න දත යුතු දේ මොනවාද ?

Continue reading “වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ VI කොටස”

වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ V කොටස

Wordpress Site Settings

වර්ඩ්ප්‍රෙස් Site Settings වෙනස් කිරීම

පාඩම් මාලාවේ පස් වැනි වැන්න ලෙස වර්ඩ්ප්‍රෙස් Site Settings හෙවත් අඩවි සැකසුම් වෙනස් කරනා අකාරය සහ එම සැකසුම් මගින් ඇති වන වෙනස්කම් ගැන කතා බහ කරන්න තමයි කණ්ඩගෙ අද ලෑස්තිය. මෙය බ්ලොග් ලිපි ලිවීම ගැන ඉගෙන ගන්නට කලින් බ්ලොග් අඩවි සැකැස්ම පිළිබඳ ඔබ දත යුතු අතවශ්‍ය දෑ ගෙන එන අවසාන ලිපියයි.

මේ යටතේ ලිපි ලිවීම සහ වර්ගීකරණය, අදහස් දැක්වීම සහ ලිපි ප්‍රදර්ශනය කිරීම යන සැකසුම් පිළිබඳ විස්තර කරනු ඇත. පෙර ලිපි වලදී සේම මෙම වෙනස්කම් සිදු කිරීමට ප්‍රථම ඔබගේ ජී-මේල් ගිණුම භාවිත කර වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට ලොග් විය යුතුය.

Continue reading “වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ V කොටස”

වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ IV කොටස

Widget Examples - Kanda

සයිඩ් බාර් (Sidebar) සහ විජට් (Widget)

කණ්ඩාචාර්යතුමාගේ අද බ්ලොග් පාඩම වෙන් වෙන්නෙ බ්ලොග් අඩවියක පැති තීරුව නැතිනම් සයිඩ් බාර් (Sidebar) එක සකස් කර ගැනීම සඳහා. කණ්ඩා මෙම ලිපියට තෝරා ගත් ආකෘතිය මත මෙය වෙබ් පිටුවේ දකුණු පසින් දිස් උවත්, ඔබ තෝරා ගත් ආකෘතිය (Theme) අනුව මෙය වම් හෝ දකුණු පසින් තිබිය හැකියි. නමුත් එය අප ඉගෙනීමට යන දේ සඳහා බාධාවක් නෙමෙයි. සයිඩ් බාර් එක අපට අවශ්‍ය පරිදි සකස් කර ගැනීමට අප විජට් (Widget) නම් කුඩා මෘදුකාංග කොටස් භාවිත කරනවා.

ඉහළින් දැක්වෙන්නේ කණ්ඩාගේ බ්ලොග් අඩවියේ සයිඩ් බාර් එක සහ එතුළ විජට් භාවිතා කර ඇති ආකාරයයි. එමගින් ඔබට මෙතෙක් විස්තර කළ දේ වඩාත් පැහැදිලි වනු ඇතැයි සිතනවා.

Continue reading “වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ IV කොටස”

Start a Blog at WordPress.com.

ඉහළ ↑