සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

Tag

Wordpress – වදන් තදය

වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ III කොටස

Wordpress Help

බ්ලොග් අඩවියක ආකෘතිය (Theme)

කලින් ලිපියෙන් වර්ඩ්ප්‍රෙස් ගිණුමක් (WordPress Account) සහ බ්ලොග් අඩවියට ලිපිනයක් (Blog Address) වෙන් කර ගන්න හැටි කියල දීපු නිසා කණ්ඩගේ මේ ලිපිය බ්ලොත් අඩවියට ගැලපෙන ආකෘතියක් තෝරා ගැනීම ගැන. ඔක්කොම එකපාර කලබලයට ලියන්න අමාරු නිසා හෙමිහිට දන්නා හැම දේම කියල දෙන්නම් 🙂

වර්ඩ්ප්‍රෙස් වල මෙම ආකෘති වලට ලබා දෙන නම තමයි “තීම්” (Theme) ( බ්ලොගර් – Blogger වල ටෙම්ප්ලේට් – Template කියන්නෙත් මේකටම තමයි).

සෑම බ්ලොග් අඩවියකටම ආකෘතියක් තියනව, ඒ බොහොමයක පහත දැක්වෙන ප්‍රධාන කොටස් ඇතුළත් වෙනව, නමුත් විවිධ කොටස් ස්ථානගත කිරීම ආකෘතියෙන් ආකෘතියට වෙනස් වෙන්න පුළුවන්.

  • Header / හෙඩර් / සිරස – බ්ලොග් අඩවියේ නම සහ මෙනූ අංගයන් මෙහි ඇතුලත් වේ
  • Main Content / මේන් කන්ටෙන්ට් / බඳ කොටස – ලිපි හෝ ලිපි එකතුවන් ඇතුළත් ප්‍රධාන බඳ කොටස
  • Side Bar / සයිඩ් බාර් / පැති තීරුව – සමාජ ජාල සබැඳි (Social Media Links), පාඨකයන් (Followers), පැරණි ලිපි එකතු (Archives), යතුරුපද සහ වර්ගීකරණයන් (Keywords and Categories), සෙවීමේ පහසුකම් (Search Facilities) මෙහි ඇතුලත් කල හැක
  • Footer / ෆුටර් / පාදම – තමන් පිලිබඳව හෝ බ්ලොග් අඩවිය ගැන විස්තර (About) සහ අදහස් හුවමාරු කරගැනීමට අවැසි සබැඳි (Contact) මෙහි ඇතුළත් කළ හැක

Continue reading “වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ III කොටස”

වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ II කොටස

Wordpress Login

වර්ඩ්ප්‍රෙස් ගිණුම් සහ බ්ලොග් අඩවි ලිපින

අද ලිපියෙන් කණ්ඩා විස්තර කරන්නට බලාපොරොත්තු වන්නේ නොමිලයේ සපයන වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් සෑදීමේ මුල් පියවර වන වර්ඩ්ප්‍රෙස් ගිණුමක් විවෘත කර බ්ලොග් අඩවිය වෙනුවෙන් වෙබ් ලිපිනයක් (Web Address) වෙන් කරගන්නා හැටියි.

සාදන්නට බලාපොරොත්තු වන බ්ලොග් අඩවියට “මගේ පන්තිය” (Mage Panthiya) යන නම ලබා දෙන්නෙ අන්තර්ජාලේ තිබ්බත් මේකත් එක්තරා ආකාරයක පන්තියක් නිසා 🙂

මෙහිදී නොමිලයේ සැපයෙන සේවාවක් යොදා ගන්නා නිසා අපට ලැබෙන වෙබ් ලිපිනය වර්ඩ්ප්‍රෙස් වෙබ් අඩවියේ අනු අඩවියක් ලෙස තමයි ලැබෙන්නෙ, ඒ වගේම ඇතැම් වෙලාවට  බලාපොරොත්තු වන ලිපිනය නොලැබෙන්නත් ඉඩ තියනවා, ඒ ගැන වැඩි විස්තර පස්සට.

උදා :  MagePanthiya.com වෙනුවට MagePanthiya.WordPress.com ලෙස තමයි ලිපිනය සැකසෙන්නෙ

මෙම ලිපි මාලාව අවසානයේ එම නමට ගැලපෙන ලිපි පල කරන්නට, බ්ලොග් අඩවිය පවත්වාගෙන යාමට කැමති අයෙක් වෙත ලබා දීමට කැමතියි. ඒ කණ්ඩාගේ මහන්සිය සහ කාලය අපතේ ගියේ නැහැ කියල හිත හදා ගන්න. ( අයිසෙ … කාලය කියන්නේ සල්ලි … ! ඒ කෑල්ල තිබ්බේ පරණ ඇඩ් එකකද කොහෙද ?

එහෙනම් ඔක්කොම හරිනෙ ?  ඤාව්වා … පුරුපුරු වැඩේ  පටා …….. න් ගමු ! (ඒ කෑල්ල නම් ෂුවර් එකටම ටයි මාමගෙන්) Continue reading “වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ II කොටස”

වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ I කොටස

Wordpress Help

පනින්න පෙර සිතා බලනු !

ලාංකිකයන් බොහෝ දෙනෙකුට “බ්ලොග්” (Blog) එකක් යනු කුමක්ද යන්න ගැන වැඩි වැටහීමක් නොමැති බව කණ්ඩා අත්දැකීමෙන් ලද මතයයි. එනිසා කොයිකටත් “කවුද බොලේ ඇලිස් ?” කියා අසන්නට කලියෙන් “බ්ලොග්” කියන්නෙ මොනවද ? “වර්ඩ්ප්‍රෙස් ” (WordPress) කියන්නෙ මොනවද ? කියල පැහැදිලි කරොත් බින්දුවේ ඉඳන්ම පටන් ගන්න උදවියට වඩාත් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා.

නමුත් මේක ගහ දන්නා අයට කොළ කඩා පෑමක් වගේ දැනෙනව නම් මේ ටික මග ඇරල කෙළින්ම “වදන්තද” හෙවත් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ II කොටසට යන්න 🙂 . Continue reading “වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ I කොටස”

වදන් තදයට එරෙහි බ්ලොගර් යුද්ධය සහ අටමා ~ Blogger Vs WordPress War & Atam !

wp-vs-blogger

කණ්ඩාට බ්ලොග් අඩවි ගැන කුතුහලයක් ඇති වී දැනට අවුරුදු දහයක් පමණ වන්නේය … තමන්ටම කියා බ්ලොග් අඩවියක් ඇරඹීමට ඇති වූ අදහසත් අවුරුදු හත අටක් පැරණි මුත් වැළදුන බාලගිරි දෝසය හේතුවෙන් ලඟ පාතක් වනතුරුත් සිදු වුනේ නැත.

කණ්ඩාට තේරෙන විදිහට බ්ලොග් අඩවි දෙවර්ගයකි, ඒ කණ්ඩා වැනි කබ්බන් වෙලාව කා දැමීම උදෙසා බොහොම සැහැල්ලුවෙන් ලියන කියන දෑ අඩංගු “කැෂුවල් බ්ලොග්” (Casual Blogs) සහ යමක් කමක් තේරෙන, තම ක්ෂේත්‍රයේ විශේෂ දැනුමක් හිමි අයවලුන් හෙවත් වැඩ්ඩන් විසින් හඳුනා ගත් සීමා තුල විධිමත්ව පල කෙරෙන “ප්‍රොෆෙෂනල් බ්ලොග්” (Professional Blogs) ය. Continue reading “වදන් තදයට එරෙහි බ්ලොගර් යුද්ධය සහ අටමා ~ Blogger Vs WordPress War & Atam !”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: