සෙවීම

කණ්ඩාගේ කොලම ~ Kanda's Column

මග තොට, වග තුග – Travel & Lifestyle

දෙකායි … දෙකායි … සීයායි … සීයායි

100 Up

අද උදැහැනැක්කේම වදන්තදේ මහත්තුරු පණිවිඩයක් එවල තිබ්බ, කණ්ඩ කොටන්න අරගෙන අවුරුදු දෙකක් වෙන්ට එනවයි කියාල. අම්මපා ඔය කියනකං එච්චර පෝයවල් ගානක් පහු වෙච්චි බව හාංකවිසියක් මතක් උනේ නැහැ නෙව. ඒ මදිවට ඩිංගක් විපරම් කරලා බැලුවම කණ්ඩගෙ සිය වැනි ලිපිය !

අර කිරිකැට් හරඹේදි නම් සීයක් ගහපුවම කොයිතරම් නං අමාරුවෙන් හිටියත් පිත්ත උස්සල පොඩි අචාරයක් දෙනවනෙ බලන්න විසිල් ගහන්ට ගාටපු අයට, එහෙව් එකේ මාත් පොඩි හරි නමුත් ඉස්තූතියක් කරේ නැතිතං මහ නව නිංගිරාවක්. ඉතිං මේ කාරිය දැනගන්න කලියෙන් දාන්ට හිතාගෙන හිටපු ලිපියත් යට ගහල තකහනියක්ම මේ ස්තුති කතාව පවත්තන්නය කියාල හිතුව. Continue reading “දෙකායි … දෙකායි … සීයායි … සීයායි”

Advertisements

මා දුටු ඇෆ්ගනිස්ථානය ~ X කොටස

DFAC

ආපන ශාලාවේ අවුල්-නිරවුල් !

කාලයක් තිස්සේ ඇෆ්ගනිස්ථාන කතා පෙලට විරාමයක් ලබා දී තිබුණත් නැවත පටන් ගන්නට හිතුවේ පාඨකයන්ගේ දැඩි ඉල්ලීම මතය. පසු ගිය මාස කිහිපය තිස්සේ මොන අටමගලයක් ලිව්වත් එක් අයෙකු හෝ මේ ගැන විමසූ නැති ලිපියක් මට මතක නැත. එනිසා ලියන්න තියන කම්මැලිකම මකාගෙන නැවතත් ඇෆ්ගනිස්ථානයට පිවිසෙමි 🙂

අන්තිම එක දැම්මෙ හය මාසයකට එහා නෙව, එනිසා මෙතක් කතාව :

I කොටස ~ සුපිරි කොම්පැණිය සහ කණ්ඩාගේ ඇෆ්ගන් පිස්සුව !

II කොටස ~ හිවලුන් සමග රාමසාන් සහ ඇන්ටනොව් !

III කොටස ~ උඩ යන ඇන්ටනොව් සහ බිම යන ඇන්ටනොව් !

IV කොටස ~ පිපිඤ්ඤා සැන්විච්, යහතින් ගොඩ බෑම සහ ඇන්ටනොව් ගැරේජ් !

V කොටස ~ කාබුල් ගුවන්තොටුපොළ පාගා මරුවෝ !

VI කොටස ~ කාබුල් පොල්ල !

VII කොටස ~ කාබුල්හි සුපිරි කඳවුර !

VIII කොටස ~ කාබුල් ස්පෙෂල් නේපාලි අරිෂ්ඨ !

IX කොටස ~ කයා ඩීෆැක් සහ යැංකි පඩත්තරයෝ !


ඇෆ්ගනිස්ථානයේ අඩව් අල්ලද්දී බෙරේ පළුවක් ගියත් තනි පලුවෙන් හෝ තාලය අල්ලන්නට සමත් විය යුතුය. අඩු පහසුකම් යටතේ අවැසි දේ සාර්ථකව කරන්නට නම් එකම රාමුවකට කොටු නොවී ගැටළු විසඳන්නට හැකි විය යුතුය. මේ ලිපියෙන් ගෙන එන්නේ අප කාබුල්හි සුපිරි කඳවුර වෙත තනි කෑල්ලට ලඟා වූ පසුවත් අපට මුහුණ පාන්නට වූ නොයෙක් ගැටළු සහ ගැහැටය.

රංජිත් සමග ගිය නූර් නැවත ආවේ තනිවමය, ගිය ගමනේ වැඩි විස්තර අසන්නට නොගියේ එයට අවැසි උත්තර නූර්ගේ මුහුණේම සටහන්ව පැවති නිසාය. දින කිහිපයක් තිස්සේ එකක් පසුපස එකක් වශයෙන් ඇදී එන නරක ආරංචි වල කෙළවරක් දකින්නට අද දවසේත් අවසරයක් නැති බව මට වැටහුණි. Continue reading “මා දුටු ඇෆ්ගනිස්ථානය ~ X කොටස”

වක්පොලු කතා වස්තුව ~ III කොටස

Malay 1

මතකයෙන් ඈත් නොවන මැලේ පිටිය

අපි වක්පොලු කෙළියේ නියත වුණු අනූව දශකයේ ක්‍රීඩා තරඟ සඳහා කොළඹ 02 පිහිටි මැලේ පිටිය තමයි වැඩිපුරම ආ ගිය තැන උනේ, අනූ ගණන් වල මැද බාගයේ කොළඹ දිස්ත්‍රික් පාසැල් හොකී තරඟ සියල්ලක්ම පාහේ පැවැත්වුණේ මෙතැනමයි. මරදාන පරණ වාඩියේ පිහිටි අපේ පාසලේ ඉඳන් මෙතැනට යන්න වැය වෙන්නෙ පැය බාගයකටත් අඩු කාලයක් නිසා යන්නත් බොහොම පහසුයි.

මැලේ පිටිය වෙත ලඟා වෙන්න ලෙහෙසිම විදිහ තමයි නම කිව්වට ලියන්න අමාරු කොම්පකද කද වීදියේ (කොම්පඤ්ඤ) රියෝ සිනමා ශාලාව (Rio) එහෙමත් නැතිනම් පැරණි නිපොන් ගොඩනැගිල්ල ( Nippon Building) ඉදිරි පිටින් බැහැල කිව් පාර (Kew) දිගේ ඇවිත් “ජලාන් පඩාන්” (Jalan Padang) පාරට වැටිලා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පහු කරගෙන වම් පැත්ත බලාගෙන ඉදිරියට යන එක. Continue reading “වක්පොලු කතා වස්තුව ~ III කොටස”

ෆ්‍රේම් නොවූ ප්‍රේම් …

Premakeerthi De Alwisඒ  කාලෙකට කලින් මා කුඩා කාලයේ පටන් තදින් හිත ගත්තු අසහාය මිනිසෙක් ගැන ඉදිරිපත් වුණු රූපවාහිනී වැඩසටහනක නම. එහෙම කොටු වෙච්චි නැති, කොටු කරන්න හැදුවත් බැරි වෙච්චි මිනිස්සු ඉන්නේ කීයෙන් කී දෙනාද ? මේ ලිපියටත් එහෙම නම දාන්න හිතුනෙ අද වෙනකම් මේ කියන “මනුස්සයා” ගැන මම අහපු හොඳම අර්ථ දැක්වීම නිසා.(ඒ වැඩ සටහනේ ලින්ක් එක පහලින් ඇති )

පහුගිය සති කිහිපයේම ප්‍රේම් ගැන හොඳ නොහොඳ දෙකම අහන්න ලැබුනත් අද උදේ පාන්දරම පටන් ගත්තෙ මහ මුස්පේත්තු විදිහට, හේතුව පාන්දර ඇස් පොඩිකරමින් තේක බොන ගමන් දවසට කියවපු මුල්ම ලිපියෙන් ආයෙත් මතක් කරා ප්‍රේම් කියන යෝධයෙක් වගේ පුංචි මිනිහව කලාවට කැමති ලක්ෂ ගාණක් මිනිස්සුන්ගෙන් සදහටම උදුරා ගත්තු දවස කියල. Continue reading “ෆ්‍රේම් නොවූ ප්‍රේම් …”

වයසේ වැරැද්ද ~ III කොටස

Gini avi saha Gini Keli

ඩප්පියාගේ ගිණි අවි සහ ගිණි කෙළි !

වටේ ගිහිල්ල පඳුරු තලලා හරි මහන්සියි, මේ වන්ගියේ නම් ඔන්න ඉවරයක්ම කරල දානව, ඩප්පියගෙ කතාවේ අන්තිම කොටස හෙවත් ගිණි අවි සහ ගිණි කෙළි !

ඉතින් ඔහොම ටික කාලයක් ඉන්නකොට තමයි බක් මාසේ ආපුවම වරක ගහටත් අකුණු වදින්න වගේ ඩප්පිය, ලේන සහ කණ්ඩ කියන අපි තුන්කට්ටුවේ යාලුකමටත් කණකොකා අඬන්න ගත්තෙ.

ඒ කියන්නෙ අර කතාවෙ මුල කිව්ව මයිනට  වගේ අපේ ඩප්පියට උණ සන්නිපාතය හැදුන, ගල් කටස් කියන ජාතියේ සංක්‍රමණික ඥාතීන් වෙන තුවක්කු, පිස්තෝල වගේම අත් බෝම්බ, ඩප්පි ගැනත් නොසෑහෙන්න උනන්දුවක් (හැබැයි හරිම වචනය තමයි  “ඇම්ම”) මේ හාදයගෙ තියනවා කියා අපිට තේරුණත් ඒ ඇයි කියල අපි අහනකොට කෝච්චිය ගිහින් ඉවරයි. Continue reading “වයසේ වැරැද්ද ~ III කොටස”

වයසේ වැරැද්ද ~ II කොටස

Keep Calm and Be Patient

ඩප්පි නාටකය ඉතිරි කොටහ

අඬ බෙර, හේවිසි ගහල පටන් ගත්තු ඩප්පියාගෙ කතාවට බාලගිරි වැළඳුනා නෙව පහුගිය සතියෙ, ඕං එහෙනං කණ්ඩාගේ කෝලං කියවන උපාසකම්මලා, උපාසකමහත්තුරු වෙනුවෙන්  අදින් ඩප්පි නාටකයට වැළඳුන බාලගිරි වගේම වැළඳුනා ඩප්පියාගෙ උණත් හොඳ කරනව එහෙනං.

මේ කියන සමයේ ඩප්පියා වගේම කණ්ඩා තව ඇලුම් කරපු ගොඩක් දේ වෙන් කරන්න බැරි විදිහට එකකට එක්ක ඇමිණිලා තියන නිසා මිසක් මෙහෙම පඳුරු තලන්න වෙන්නෙ කණ්ඩගෙ දෝසයක් නිසා හෙම නෙමෙයි ඕං. එක කතාවක් කියනකොට ඔලුවට එන තව කතාවක් නොකියාම බැහැ, ඉතිං කතා මැද කතා, වටේ යන අවසේස කතා ඉවරයක් නැහැ 😀 Continue reading “වයසේ වැරැද්ද ~ II කොටස”

වයසෙ වැරැද්ද ~ I කොටස

Dappiyaඩප්පියා

කණ්ඩ මේ දවස් වල ලියනවට වඩා කියවනව පහු ගිය අවුරුදු හතටම කියෙව්වේ පොත් දෙකයි උනාට, පහුගිය සති තුනට පොත් තුනක් ඉවර කරා. කියවන එකත් හරියට අබිං කනවා වගේ ඇබ්බැහි වෙන දෙයක්. පටන් ගත්තට පස්සේ තියන්න හිතෙන්නේ නැහැ.

දවල් දවසේ කන්තෝරුවට ගියහම පොත් දිග අරින්න බැරි නිසා, මදි පාඩුවට මූණු පොතේ සහ බ්ලොග් අස්සෙත් කරක් ගහනවා

බාගෙට ලියල පැත්තකට දාල තිබ්බ මේ කියන කතන්දරේ ආපහු ඉස් මුදුනට ආවෙ වෙල් මයිනා හෙවත් වල් මයිනා ලියපු “ගල් කටස් “ කියන කතාව දැකල. ඔය කලින් කිව්ව මයින වගේ මේ කතා නායකයටත් එකවරම අමුතු උණ සන්නිපාතයක් වැළඳුනා. Continue reading “වයසෙ වැරැද්ද ~ I කොටස”

සිරි ලංකාගමනය ~ IV කොටස

Pothgul Viharaya - Bo Tree and Pagoda

පොත්ගුල් විහාරය සහ බබ්බු දෙන පොකුණ

මෙදා පාර සිරි ලංකාවට ( කාලයක් නිකං ලංකාව, ඊට පස්සෙ ශ්‍රී දැන් දැන් කියන්නෙ චී. ලංකාවද මන්ද ?) ආපු වෙලේ හෙම්බත් වෙලා තිබ්බ හිත සන්සුන් වෙන්නත් එක්ක දැම්ම කුරුවිට, රුවන්පුර සහ නුවර පළාතෙ දවස් කිහිපයක සවාරියක්. මේ කියන්න යන කතන්දරේ සිද්ද උනේ ඔය අතරතුර රත්නපුර පොතුගුල් විහාරෙට ගිය ගමනෙදි.

හැබැයි මේ ගමනේ ප්ලෑන ගැහුවේ මම නෙමෙයි දැනට වසර කිහිපයක ඉඳන් ලංකාවට එනකොට නෑ බෑ නොකිය කියන ඕනෑම තැනක උස්සගෙන යන අපේ මාතලී වෙච්චි සම්පත්, සම්පත් තමයි නඩේගුරා. Continue reading “සිරි ලංකාගමනය ~ IV කොටස”

ජීවන ලිය වරුණාව !

10-Years Anniversary

මතකයි මට අද වගේම
තව එක දවසක් !
අවුරුදු දහතුනකුත්,
මාසයකුත් සහ +1 දිනයක්  …

ඔව්,  අහිංසක කණ්ඩ කුරා කූඹියෙකුටවත් වරදක් නැතුව තමන්ගේ පාඩුවේ කරගෙන හිටිය තනිකඩේ වහල දාන්න සිද්ද වෙලා දැනට එච්චර කාලයක් වෙන්න එනවා. තනිකඩේ වැහුවට පස්සේ හා හාපුර කියල පටන් ගත්තු හවුල් ව්‍යාපාරය නැකත් නොබලාම විවෘත කරේ හරියටම අලුත් අවුරුද්දට පහු වෙනිදා. Continue reading “ජීවන ලිය වරුණාව !”

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: