Wordpress Site Settings

වර්ඩ්ප්‍රෙස් Site Settings වෙනස් කිරීම

පාඩම් මාලාවේ පස් වැනි වැන්න ලෙස වර්ඩ්ප්‍රෙස් Site Settings හෙවත් අඩවි සැකසුම් වෙනස් කරනා අකාරය සහ එම සැකසුම් මගින් ඇති වන වෙනස්කම් ගැන කතා බහ කරන්න තමයි කණ්ඩගෙ අද ලෑස්තිය. මෙය බ්ලොග් ලිපි ලිවීම ගැන ඉගෙන ගන්නට කලින් බ්ලොග් අඩවි සැකැස්ම පිළිබඳ ඔබ දත යුතු අතවශ්‍ය දෑ ගෙන එන අවසාන ලිපියයි.

මේ යටතේ ලිපි ලිවීම සහ වර්ගීකරණය, අදහස් දැක්වීම සහ ලිපි ප්‍රදර්ශනය කිරීම යන සැකසුම් පිළිබඳ විස්තර කරනු ඇත. පෙර ලිපි වලදී සේම මෙම වෙනස්කම් සිදු කිරීමට ප්‍රථම ඔබගේ ජී-මේල් ගිණුම භාවිත කර වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියට ලොග් විය යුතුය.

1 පියවර – Settings මත ක්ලික් කරන්න

සඳහා පෙර සේම My Site මෙනූ ලැයිස්තුව කෙළවරම ඇති Settings මෙනූව ක්ලික් කරන්න.

Language and Time Setting 0

 

2 පියවර – ප්‍රධාන භාෂාව වෙනස් කරන්න

General කොටස යටතේ වන CHANGE මත ක්ලික් කරන්න.

Language and Time Setting 1

සැලකිය යුතුයි : ඔබ වෙනස් කළ භාෂාවට පහළින් ඇති සබැඳිය මගින් ඔබගේ ගිණුම වෙත ගොස් අන් සියලුම දේ ප්‍රදර්ශනය කරනා භාෂාව හෙවත්  Interface Language ද වෙනස් කල හැකි උවත් එසේ නොකර සිටීම වඩාත් නුවණැතිය.

එසේ වෙනස් කළ විට එන අණ්ඩර දෙමළ තේරුම් ගන්නට මලලසේකර මහතාගේ පිහිට ලබා ගත්තත් නොහැකිය 🙂

1 – කලාපය ලෙස Asia-Pacific (ආසියා ශාන්තිකර) කලාපය තෝරාගන්න (මෙය ඔබ ඉන්නා රට අනුව තීරණය කළ හැක)
2 – “සිංහල” මත ක්ලික් කරන්න
3 – Select Language මත ක්ලික් කරන්න

Language and Time Setting 2

 

3 පියවර – බ්ලොග් අඩවියේ වේලාව දක්වන කලාපය

1 – බ්ලොග් අඩවියට අදාල වේලාව දක්වන කලාපය හෙවත් Time Zone ලෙස Colombo (කොළඹ) තෝරාගන්න (මෙය ඔබ ඉන්නා රට අනුව තීරණය කළ හැක)
2 – Save Settings මත ක්ලික් කරන්න

Language and Time Setting 3

 

4 පියවර – ලිපි වර්ගීකරණය (Categories)

මෙම කොටසින් “කැටගරි” (Categories) හෙවත් වර්ගීකරණයන් එකතු කිරීම හෝ වෙනස් කිරීම සිදු කළ හැකි අතර ලියන්නට බලාපොරොත්තු වන බ්ලොග් ලිපි ගැන සමස්ථයක් ලෙස සලකා ගැලපෙන වර්ගීකරණයන් එකතු කරන්න.

වර්ඩ්ප්‍රෙස් මගින් ආරම්භයේදී ලබා දෙන Uncategoraized වර්ගීකරණය වෙනස් කරනා අයුරු පහත දැක්වේ,

1 – සිරස් තිත් පෙලකින් දක්වා ඇති මෙනූව මත ක්ලික් කරන්න
2 – Edit උප මෙනූව මත ක්ලික් කරන්න

Writing Settings 2

සැලකිය යුතුයි : View Posts මත ක්ලික් කිරීමෙන් මෙම කැටගරිය හා බැඳුනු ලිපි ලැයිස්තුවක් ලබා ගත හැක, Back සබැඳිය මගින් පෙර කොටස වෙත යා හැක.

1 – වර්ගීකරණ කේතය (Category Code) ඇතුලත් කරන්න
2 – වර්ගීකරණය ගැන කෙටි හැඳින්වීමක් ඇතුලත් කරන්න
3 – තහවුරු කිරීම සඳහා Update බොත්තම මත ක්ලික් කරන්න

Writing Settings 3

අලුත් වර්ගීකරණයන් එකතු කරනා අයුරු පහත දැක්වේ, ඒ සඳහා Add New Category මත ක්ලික් කරන්න

Writing Settings 4

1 – වර්ගීකරණ කේතය (Category Code) ඇතුලත් කරන්න
2 – වර්ගීකරණය ගැන කෙටි හැඳින්වීමක් ඇතුලත් කරන්න
3 – තහවුරු කිරීම සඳහා Add බොත්තම මත ක්ලික් කරන්න

සැලකිය යුතුයි : Top Level Category යන තෝරා ගැනීම ඉවත් කිරීම මගින් නව වර්ගීකරණය දැනට ඇති වර්ගීකරණයක උප වර්ගීකරණයක් ලෙස ඇතුළත් කල හැක.

Writing Settings 5

 

5 පියවර – ටැග් (Tags) හෙවත් ලිපි හා බැඳුනු යතුරුපද

වර්ගීකරණයන්ට අමතරව තව දුරටත් සෙවීම සහ ලිපි බෙදා වෙන්කිරීම පහසු කරන මෙම යතුරු පද (Keywords ලෙසද හැඳින්වේ) වර්ඩ්ප්‍රෙස්හි ටැග් (Tag) නමින් හඳුන්වනු ලැබේ.

මෙම කොටසට පිවිසීම සඳහා Settings යටතේ 1 – Writing මත ක්ලික් කරන්න.

අළුත් යතුරුපද එක් කිරීම ලිපි ලියනා අතරතුරද කළ හැකි අතර මෙම කොටස මගින් අලුත් ඒවා එකතු කිරීමට අමතරව ඉවත් කිරීම හෝ වෙනස් කිරීම සිදු කළ හැක.

Tags Settings 1

දැනට භාවිතයේ ඇති යතුරුපද සෙවීම සඳහා Search කොටස භාවිතා කරන්න, අලුත් යතුරුපදයක් එක් කිරීම සඳහා Add New Tag මත ක්ලික් කරන්න.

Tags Settings 2

1 – යතුරුපද කේතය (Tag Code) ඇතුලත් කරන්න
2 – යතුරුපදය ගැන කෙටි හැඳින්වීමක් ඇතුලත් කරන්න
3 – තහවුරු කිරීම සඳහා Add බොත්තම මත ක්ලික් කරන්න

Tags Settings 3

සිරස් තිත් පෙලකින් දක්වා ඇති මෙනූව මත ක්ලික් කිරීමෙන් යතුරුපද ඉවත් කිරීම (Delete), වෙනස් කිරීම (Edit) මෙන්ම View Posts මගින් යතුරැ පදයක් හා බැඳුනු ලිපි ලැයිස්තුවක්ද ලබා ගත හැක.

Tags Settings 4

 

6 පියවර – එකවර ඉදිරිපත් කරන ලිපි ප්‍රමාණය

Writing කොටස යටතේ තවත් පහළට කිරීමේදී Content Types කොටස හමු වේ. Blog Posts Display per page මගින් එක වෙබ් පිටුවක පළ කරනා ලිපි ප්‍රමාණය පාලනය කළ හැකි අතර වෙබ් පිටු ප්‍රදර්ශනයට අනවශ්‍ය වෙලාවක් ගත වීම එමගින් අවම කළ හැක.

Writing Settings 6

 

7 පියවර – ලිපි වලට අදහස් දැක්වීම (Comments) සම්බන්ධ සැකසුම්

මෙම කොටසේ ඇති ලිපි වලට අදහස් දැක්වීම සම්බන්ධ වැදගත් සැකසුම් පිලිබඳ දැනුවත් වීම වැදගත්ය. මෙම කොටසට පිවිසීම සඳහා Settings යටතේ ඇති 1 – Discussion මත ක්ලික් කරන්න

Discussion Settings

2 – මෙම කොටසේ වෙනස්කම් මගින් පාඨකයන් හට අදහස් දැක්වීමේ ඉඩකඩ පුළුල් කිරීම සිදුකරනු ලබයි, ඒවායේ වැදගත්කම පහතින් දැක්වේ

* Comments author must fill out name and e-mail – නිර්නාමිකව අදහස් දැක්වීම තහවුරු කිරීම
* Users must be registered and logged in to comment – කලින් අදහස් නොදැක්වූ අය හටත් ඍජුව අදහස් දැක්වීමට ඉඩ ලබා දීම
* Automatically close comments on articles older than 14 days – අදහස් දැක්වීම සඳහා ඇති කාල සීමාවන් ඉවත් කිරීම

3 – මෙම කොටස තුළ ඔබ බ්ලොග් අඩවියට අදාල අදහස් දැක්වීම සහ කැමැත්ත දැක්වීම් පිලිබඳ දැනුම්දීම් ඊ-මේල් මගින් ගෙන්වා ගැනීම සඳහා කළයුතු වෙනස්කම් ඇතුළත් වන අතර ඒවායේ වැදගත්කම පහතින් දැක්වේ

* Anyone posts a comment – අදහස් දැක්වීමක්
* A comment held in moderation – අදහස් දැක්වීමක් අනුමත කරන්නට අවැසි විට
* Someone likes one of my posts – කැමැත්ත දැක්වීමක්
* Someone reblogs one of my posts – ලිපිය නැවත බෙදා හැරීමක්
* Someone follows my blog – පාඨකත්වය ලබා ගැනීමක්

4 – මෙම කොටස මගින් අදහස් දැක්වීම සඳහා බ්ලොග් අඩවියේ කතෘගෙන්/ඇඩ්මින්වරයාගෙන් අවසර ලබා ගැනීමට ඇති අවශ්‍යතාවය ඉවත් කරනු ලබයි.

Comment must be manually approved – දක්වන අදහස් බ්ලොග් අඩවියේ පෙන්වීමට අනුමත කළ යුතුය
Comment author must have an approved comment – දක්වන අදහස් බ්ලොග් අඩවියේ පෙන්වීමට, පෙර අනුමත කළ අදහස් දැක්වීමක් තිබිය යුතුය

5 – මෙම ලැයිස්තුවට ඇතුළත් කරනා නම්, සබැඳි, වදන්, ඊ-මේල් සහ IP ලිපින ඇතුළත් අදහස් දැක්වීම් ප්‍රදර්ශනය කිරීමට ප්‍රථම ඔබගේ අවසරය අවශ්‍ය ලැයිස්තුව වෙත යැවෙනු ඇත.

6 – මෙම ලැයිස්තුවට ඇතුළත් කරනා නම්, සබැඳි, වදන්, ඊ-මේල් සහ IP ලිපින ඇතුළත් අදහස් දැක්වීම් අසාදුගත (Blacklist) වන අතර එය ඉබේම Trash හෙවත් ඊ-කුණු බක්කිය වෙත යැවෙනු ඇත.

 

8 පියවර – ලිපි වලට අදාල අනෙකුත් ලිපි පෙන්වීම

ලිපි වලට යටින් එයට අදාල අදාල අනෙකුත් ලිපි පෙන්වීම මෙමගින් කරනා අතර මෙම කොටසට පිවිසීමට Settings යටතේ ඇති Traffic මත ක්ලික් කරන්න.

Traffic Settings

මතු සම්බන්ධයි !

~ කණ්ඩා

අදාල අනෙකුත් ලිපි :