Worpress Follow Me

පාඨකත්වය ලබා ගැනීම, වර්ඩ්ප්‍රෙස් ලිපි කියවනය

බ්ලොග් අඩවියක් ෆලෝ (Follow) කිරීම යනු එහි පාඨකයකු ලෙස ලියාපදිංචි වීම බව පළමු ලිපියෙන් ඉගෙන ගත් බව ඔබට මතක ඇතැයි සිතමි. එලෙසම බ්ලොග් අඩවියක ලියාපදිංචි වූ පාඨකයන් “ෆලොවර්ස්” (Followers) ලෙස හැඳින්වේ.

අද පාඩම වෙන් වන්නේ පහත දැක්වෙන කරුණු සඳහාය

  1. වර්ඩ්ප්‍රෙස් අඩවියක පාඨකයකු ලෙස ලියාපදිංචි වීම (Methods of Following)
  2. වර්ඩ්ප්‍රෙස් ලිපි කියවනය හෙවත් රීඩර් (WordPress Reader)
  3. ඔබ බ්ලොග් අඩවියේ පාඨකත්වය ලබා දීමට කළයුතු වෙනස්කම් (Add Following Widgets)
  4. බ්ලොග් රෝල් එකක් ඇරඹීම (Maintaining a Blog Roll)
  5. වර්ඩ්ප්‍රෙස් සහ බ්ලොගර් පාඨකත්වයන් සංසන්දනය
  6. පාඨකයන්ගේ ලැයිස්තුව (Followers)

1 – වර්ඩ්ප්‍රෙස් අඩවියක පාඨකයකු ලෙස ලියාපදිංචි වීම

බොහෝමයක් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවි වල පාඨකයකු ලෙස ලියාපදිංචි වීම සඳහා ක්‍රම කිහිපයක්ම ඇත. නමුත් එලෙස ලියාපදිංචි වීම ඔබට වර්ඩ්ප්‍රෙස් ගිණුමක් තිබේද ? නැතිද යන්න මත තරමක් වෙනස් වන අතර ඒ පිලිබඳ වැඩි විස්තර පහළින් දැක්වේ.

a. වර්ඩ්ප්‍රෙස් අඩවියක ඩිෆෝල්ට් ෆලෝ බොත්තම මගින් (Default Follow Button)

පහතින් දැක්වෙන්නේ ඩිෆොල්ට් ෆලෝ බොත්තම මගින් පාඨකයකු ලෙස ලියාපදිංචි වීමට අනුගමනය කළ යුතු පියවරයන්ය.

WP Default Follow Button Location

වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක ඩිෆෝල්ට් ෆලෝ බොත්තම පිහිටා තිබෙන්නේ වෙබ් පිටුවේ දකුණු යටි කෙලවරෙහිය.

එම බොත්තමේ මුහුණත අඩවියේ /ඔබ භාවිතා කරනා භාෂාව මත පහත දැක්වෙන සේ වෙනස් විය හැක

උදා :

Follow 2   ඉංග්‍රීසි බසින් Follow 3  සිංහලෙන්

Follow 4

ඔබ සතුව වර්ඩ්ප්‍රෙස් ගිණුමක් නොමැති නම් +Follow බොත්තම ක්ලික් කළ විට

1 – ඔබගේ ඊමේල් ලිපිනය ඇතුළත් කරන්න
2 – ලියාපදිංචි වීම තහවුරු කිරිමට Sign me up බොත්තම මත ක්ලික් කරන්න

දෙවන පියවර අවසානයේ ඔබ ලබා දුන් ඊමේල් ගිණුම තහවුරු කරන ලෙස ඉල්ලමින් එයට ලැබෙන ඊමේල් පණිවිඩයේ තහවුරු කිරීමේ සබැඳිය මත ක්ලික් කරන්න.

3 – ඔබ සතුව වර්ඩ්ප්‍රෙස් ගිණුමක් ඇතිනම් 1 හා 2 වෙනුවට මෙම සබැඳිය ක්ලික් කිරීමෙන් ලොග් වන්න.

Follow 5ඔබ වර්ඩ්ප්‍රෙස් ගිණුමක් මගින් ලොග් වී ඇතිනම් +Follow බොත්තම ක්ලික් කළ විට, මෙලෙසින් ලියාපදිංචි වීම තහවුරු කරනු ඇත.

සැලකිය යුතුයි :

මෙම අවස්ථාවන් දෙකෙහිදීම ඔබගේ ලියාපදිංචි වීම සාර්ථක වුවහොත්  +Follow බොත්තම Following ලෙස වෙනස් වනු ඇත

යම් වර්ඩ්ප්‍රෙස් අඩවියක +Follow බොත්තම පෙන්වනු ලබන්නේ එහි පල කරන ලද ලිපි දෙකකට වැඩි ප්‍රමාණයක් ඇති නම් පමණි.

 

b. ෆලෝ බට්න් සහ ෆලෝ බ්ලොග් විජට් මගින් (Follow Button and Follow Blog)

පහතින් දැක්වෙන්නේ වර්ඩ්ප්‍රෙස් ෆලෝ බට්න් සහ ෆලෝ බ්ලොග් විජට් මගින් ලියාපදිංචි වන විට අනුගමනය කළ යුතු පියවරයන්ය.

Follow Widgetsමෙම පින්තූරයෙන් දැක්වෙන්නේ කණ්ඩාගේ කොලමේ පිළිවෙළින් ෆලෝ බට්න් සහ ෆලෝ බ්ලොග් විජට් (Follow Button & Follow Blog Widgets ) සයිඩ් බාර් එක මත දිස් වන ආකාරයයි.

නමුත් මෙම විජට්හි මුහුණත (Labels) පෙන්වන ආකාරය භාෂාව, යොදා ඇති තීම්, සැකැස්ම මත තරමක් වෙනස් විය හැක.

මින් ෆලෝ බට්න් (Follow Button) භාවිතා කිරීමට වර්ඩ්ප්‍රෙස් ගිණුමක් අත්‍යවශ්‍ය අතර ගිණුමට ලොග් වී ඇතිනම් එය මත ක්ලික් කිරීම ප්‍රමාණවත්ය. ඔබ ලොග් වී නැතිනම් Login පිටුව වෙත ඔබව යොමු කරනු ඇත.

ෆලෝ බ්ලොග්  (Follow Blog) සඳහා ඔබ සතුව භාවිතයේ පවතින විද්‍යුත් ලිපිනයක් තිබීම පමණක් සෑහෙන අතර ෆලෝ කිරීමට ඊමේල් ලිපිනය ඇතුළත් කර Follow බොත්තම (මෙහි නම වෙනස් විය හැක) මත ක්ලික් කරන්න.

මෙම විජට් ඔබගේ බ්ලොග් අඩවියට එකතු කර ගන්නා ආකාරය ඉදිරියට විස්තර කෙරෙනු ඇත.

 

2 – වර්ඩ්ප්‍රෙස් රීඩර් හෙවත් කියවනය (WordPress Reader)

වර්ඩ්ප්‍රෙස් රීඩර් හෙවත් කියවනය මගින් ඔබ ෆලෝ කරන නැතහොත් පාඨකත්වය දරන බ්ලොග් අඩවි වල පල කරනු ලබන ලිපි සියල්ල එකම තැනකින් කියවිය හැකි පරිදි ගොනු කිරීම කරනු ලබයි

කාර්යභාරය අතින් මෙය බ්ලොගර්හි රීඩින් ලිස්ට් (Reading List) වලට බෙහෙවින් සමාන වන අතර වර්ඩ්ප්‍රෙස් සහ බ්ලොගර් යන මාදිලි ද්විත්වයේම බ්ලොග් අඩවි ෆලෝ කළ හැකිමුත් මේ සඳහා වර්ඩ්ප්‍රෙස් ගිණුමක් ඔබ සතු වීම අනිවාර්යය. මෙහි සැකැස්ම පිළිබඳ වැඩි විස්තර පහතින් දැක්වේ.

Reader 1

1 – Reader මත ක්ලික් කිරීම මගින් කියවනය තුළට පිවිසිය හැක
2 – ෆලෝ කරනා බ්ලොග් අඩවි ඉවත් කිරීම හෝ Notification Setting වෙනස් කිරීම මෙමගින් කළ හැක
3 – බ්ලොග් අඩවි සෙවීමේ පහසුකම්
4 – ඔබ දැනට ෆලෝ කරනා බ්ලොග් අඩවි වල මෑත පල වූ ලිපි

 

වර්ඩ්ප්‍රෙස් කියවනය මගින් බ්ලොග් අඩවි ෆලෝ කිරීම

වර්ඩ්ප්‍රෙස් කියවනය භාවිතයෙන් අලුත් බ්ලොග් අඩවියක් ෆලෝ කිරීම සඳහා අවශ්‍ය පියවර පහතින් දැක්වේ.

1 – ෆලෝ කිරීමට අවශ්‍ය බ්ලොග් අඩවියේ ලිපිනය, සෙවීමේ කොටසට (Search) ඇතුළත් කර යතුරු පුවරුවේ Enter බොත්තම ඔබන්න
2 – ෆලෝ කිරීම සඳහා පෙන්වන සබැඳිය මත ක්ලික් කරන්න

සැලකිය යුතුයි : බ්ලොග් අඩවි සෙවීමේදී ඔබගේ ප්‍රෝෆයිල් එකෙහි ඇති භාෂාවට අදාලව සෙවීම සිදු කරනා නිසා, එය සිංහල ලෙස වෙනස් නොකළ නිසා සිංහල බ්ලොග් නොපෙන්විමට නොපෙන්වීමට ඉඩ ඇතත් එය ෆලෝ කිරීමට බාධාවක් නොවේ.

Reader - Following

 

3 – ඔබ අඩවියේ පාඨකත්වය ලබා දීමට කළයුතු වෙනස්කම්

පහතින් දැක්වෙන්නේ වර්ඩ්ප්‍රෙස් ෆලෝ බට්න් සහ ෆලෝ බ්ලොග් විජට් ඔබගේ බ්ලොග් අඩවියට ඇතුළත් කිරීමේදී  සැලකිලිමත් වියයුතු දේය.

My Site > Customize > Widgets > Sidebar යන යොමුවන් ඔස්සේ සයිඩ්බාර් වෙනස් කිරීම වෙත පිවිසෙන්න. විජට් ලැයිස්තුවෙන් Follow Blog සහ Follow Button විජට් සයිඩ් බාර් එක වෙත එකතු කරන්න.

මේ පිලිබඳ වැඩි විස්තර අවශ්‍ය නම් සයිඩ් බාර් (Sidebar) සහ විජට් (Widget) ලිපියේ “පැති තීරුව/සයිඩ් බාර් එක සඳහා විජට් එකතු කිරීම” කොටස කියවන්න.

 

a. ෆලෝ බ්ලොග් විජට් (Follow Blog Widget)

Follow Blog Widget
මෙමගින් ඔබගේ බ්ලොග් අඩවියේ පලවන ලිපි තම විද්‍යුත් ලිපිනයටම ගෙන්වා ගැනීමේ හැකියාව පාඨකයන් හට ලැබේ. මේ සඳහා වර්ඩ්ප්‍රෙස් ගිණුමක් තිබීම අනිවාර්ය නොවන අතර  ඔබ සතුව භාවිතයේ පවතින විද්‍යුත් ලිපිනයක් තිබීම පමණක් සෑහෙන්නේය.

1 – විජට් එකෙහි මාතෘකාව

2 – පාඨකත්වය ලබා තිබෙන බව පෙන්වන අකාරය

3 – පාඨකත්වය ලබා ගත පසු වර්ඩ්ප්‍රෙස් ගිනුම්ලාභීන් හට ඉදිරිපත් කරනා පණිවිඩය

4 – පාඨකත්වය ලබා ගත පසු වර්ඩ්ප්‍රෙස් ගිනුම් නොමැති අය හට ඉදිරිපත් කරනා පණිවිඩය

5 – Follow බොත්තම මුහුණත පෙන්වන දෑ

 

 

 

b. ෆලෝ බට්න් විජට් (Follow Button Widget)

මෙමගින් වර්ඩ්ප්‍රෙස් කියවනය හරහා ලිපි කියවීමේ හැකියාව පාඨකයන් හට ලැබෙන අතර මේ සඳහා වර්ඩ්ප්‍රෙස් ගිණුමක් තිබීම අනිවාර්ය වේ.

Follow Button Widget

 

Show blog name – බොත්තම මත බ්ලොග් අඩවියෙහි නම ප්‍රදර්ශනය කිරීම

Show follower count – පාඨකයන් ගණන ප්‍රදර්ශනය කිරීම

 

 

4 – බ්ලොග් රෝල් එකක් ඇරඹීම (Maintaining a Blog Roll)

බ්ලොග් රෝල් එකක් යනු ඔබ නිතර කියවන බ්ලොග්/වෙබ් අඩවි වල එකතුවක් මිස වෙනත් අරුම පුදුම දෙයක් නොවේ.  බ්ලොග් අඩවිවල සබැඳි ලැයිස්තුවක් ඔබගේ අඩවියේ පල කිරීම මගින් ඔබ අන් අය හට උදව් කරනවා මෙන්ම ඔවුන් ඔබගේ අඩවියද එලෙසම ප්‍රවර්ධනය කිරීමට දිරි ගැන්වීමකි.

වර්ඩ්ප්‍රෙස්හි මේ සඳහා භාවිත වන විජට් ද්විත්වයක් ඇත :

  • ලින්ක්ස් විජට්  (Links Widget)
  • බ්ලොග්ස් අයි ෆලෝ විජට්  (Blogs I Follow Widget)

මෙම විජට් ඇතුළත් කිරීමට My Site > Customize > Widgets > Sidebar යන යොමුවන් ඔස්සේ සයිඩ්බාර් වෙනස් කිරීම වෙත පිවිසෙන්න. විජට් ලැයිස්තුවෙන් Links සහ Blog I Follow විජට් සයිඩ් බාර් එක වෙත එකතු කරන්න.

මේ පිලිබඳ වැඩි විස්තර අවශ්‍ය නම් සයිඩ් බාර් (Sidebar) සහ විජට් (Widget) ලිපියේ “පැති තීරුව/සයිඩ් බාර් එක සඳහා විජට් එකතු කිරීම” කොටස කියවන්න.

 

a. ලින්ක්ස් විජට්  – Links Widget

Blog Roll

මෙමගින් වර්ඩ්ප්‍රෙස්, බ්ලොගර් සහ අනෙකුත් වෙබ් අඩවි වලට අදාල සබැඳි ප්‍රදර්ශනය කළ හැක.

එමෙන්ම ඔබගේ අඩවියේ ඇති ඉඩකඩ සීමිත නම් පෙන්වන සබැඳි ගණන සීමා කිරීම, සබැඳිය හෝ අදාල කෙටි විස්තරය ඉවත් කිරීමටද හැකිය.

ලින්ක්ස් (Links) විජට් එකෙහි ප්‍රදර්ශනය කිරීමට සබැඳි ඇතුළත් කිරීම සඳහා වර්ඩ්ප්‍රෙස් ඇඩ්මින් ඩෑෂ්බෝඩ්  (WP Admin Dashboard) එක තුළට පිවිසීම අත්‍යවශ්‍ය  වේ.

ඒ සඳහා ඔබ බ්ලොග් අඩවි ලිපිනයේ යේ අගට “/wp-admin”  එකතු කර වෙබ් බ්‍රව්සර වෙබ් ලිපිනය සඳහන් කරන කොටසට (Address Bar) ඇතුළු කිරීම කළ යුතුය.

උදාහරණ : https://magepanthiya.wordpress.com/wp-admin/

අලුතින් සබැඳියක් ඇතුළත් කිරීමට

1 – Links මත ක්ලික් කරන්න
2 – Add  New මත ක්ලික් කරන්න

Links in WP Admin

 

b. බ්ලොග්ස් අයි ෆලෝ විජට්  (Blogs I Follow Widget)

Blogs I Follow Widget

මෙමගින් ඔබ ෆලෝ කරනා වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවි වලට අදාල සබැඳි පමණක් ප්‍රදර්ශනය කරන අතර එම සබැඳි ඇතුළත් කිරීම සඳහා අමතර වෙහෙසක් දැරීමට සිදු නොවේ.

 

 

 

 

 

5 – වර්ඩ්ප්‍රෙස් සහ බ්ලොගර් පාඨකත්වයන් සංසන්දනය

සමානකම්

WordPress (වර්ඩ්ප්‍රෙස් ) Blogger (බ්ලොගර්)
රීඩර් (Reader) මගින් ඔබ ෆලෝ කරනා බ්ලොග් අඩවි වල මෑතදී පල කරන ලිපි කියවිය හැක රීඩින්ග් ලිස්ට් (Reading List) මගින් ඔබ ෆලෝ කරනා බ්ලොග් අඩවි වල මෑතදී පල කරන ලිපි කියවිය හැක
බ්ලොග් අඩවියේ පලකරන ලිපි ඔබ  ඊ-මේල් ගිණුම වෙත ගෙන්වා ගත හැක බ්ලොග් අඩවියේ පලකරන ලිපි ඔබ  ඊ-මේල් ගිණුම වෙත ගෙන්වා ගත හැක
ඔබ ෆලෝ කරනා බ්ලොග් අඩවි ලැයිස්තුවක් (Blog Roll) බ්ලොග් අඩවියේ ප්‍රදර්ශනය කළ හැක ඔබ ෆලෝ කරනා බ්ලොග් අඩවි ලැයිස්තුවක් (Blog Roll) බ්ලොග් අඩවියේ ප්‍රදර්ශනය කළ හැක

වෙනස්කම්

බ්ලොග් රෝල් (Blog Roll) එක හෙවත් Links විජට් එක මගින් බ්ලොග් අඩවියට සබැඳියක් මිස අවසන් වරට පල කළ ලිපිය ප්‍රදර්ශනය කරන්නේ නැත. බ්ලොග් රෝල් (Blog Roll) එක හෙවත් Blog List ගැජට් එක මගින් බ්ලොග් අඩවියට සබැඳිය ලෙස අවසන් වරට පල කළ ලිපිය ප්‍රදර්ශනය කරයි.

 

6 – පාඨකයන්ගේ ලැයිස්තුව (Followers)

පාඨකයන්ගේ ලැයිස්තුව වෙත පිවිසීම සඳහා පහත පියවරයන් අනුගමනය කරන්න

1 – My Site මත ක්ලික් කරන්න
2 – People යොමුව මත ක්ලික් කරන්න
3 – Followers සහ Email Followers මත ක්ලික් කිරීමෙන් පාඨක ලැයිස්තුව වෙත පිවිසෙන්න

WP People

මෙහි ඇති ලැයිස්තු පිළිබඳ වැඩි විස්තර පහතින් දැක්වේ

  • Team – මෙමගින් ඇඩ්මින්වරු, කතෘවරු, සංස්කාරකවරු සහ ලිපි දායකයන්ගේ (Administrators, Authors, Editors, Contributors)  ලැයිස්තුවක් ලබා ගැනීම, වෙනස් කිරීම හෝ අලුතින් එකතු කිරීම කළ හැක
  • Followers – වර්ඩ්ප්‍රෙස් පාඨකයන්ගේ ලැයිස්තුවක් ලබා ගැනීම, වෙනස් කිරීම හෝ අලුතින් එකතු කිරීම කළ හැක
  • Email Followers – විද්‍යුත් තැපෑල මගින් ෆලෝ කරනා පාඨකයන්ගේ ලැයිස්තුවක් ලබා ගැනීම, වෙනස් කිරීම හෝ අලුතින් එකතු කිරීම කළ හැක
  • Invite – ඔබ බ්ලොග් අඩවියේ පාඨකත්වය හෝ කළමනාකරණයට සම්බන්ධ වීමට ඇරයුම් කල හැකිය

මතු සම්බන්ධයි

 ~ කණ්ඩා !

මුලාශ්‍ර :

අදාල අනෙකුත් ලිපි :

Advertisements