Arabic Music

කණ්ඩා අරාබි කාන්තාරෙට ගොඩ බැහැල දැනට එකොළොස් අවුරුද්දකට වැඩියි, ඒ දශකයකට අධික කාලය පුරාවට අරාබි බාසාව ඉගෙන ගන්න නොලැබුණේ කණ්ඩා අරාබි කොම්පැණියක කඹුරා නැති නිසාත් මෙහෙ ඉන්න ඔටුවො අපිත් එක්ක නොපෑහෙන නිසාත් තමයි. සමහර විට යටි උගුරෙන් කියවන අරාබි බසේ ඇති කටෝර ස්වභාවයට ඇති අසාත්මිකතාවයත් මෙයට බලපාන්න ඇති.

කණ්ඩා යන හැම රටකම ආගම, ඉතිහාසය සහ සංස්කෘතිය ගැන සැලකිලිමත් වෙනවා වගේම තමන්ගෙ ජීවිතෙන් තුනෙන් පංගුවක් ගත කරපු රට ගැන හොයන්නත් උනන්දුයි. එහෙම හොයා ගත්ත විස්තර, රස කතා ලියන්න කියන්න වෙලාවක් හොයා ගන්න අමාරුව තමයි තියෙන්නෙ 🙂

නමුත් ජීවිතේ ඉතිරි කාලෙත් කාන්තාරෙට සින්න වෙන්න නොදී ඉදිරි අවුරුදු දෙක තුන ඇතුළත මෙහෙන් චුත වෙන්න හිතාගෙන ඉන්න එකේ අරාබි කලාපයේ තියන නොයෙක් දේ ගැන ඉඩ තියන විදිහට ලියන්න හිතුන. සංගීතයේ සයන්න දන්නෙවත් නැති උනාට මුලින්ම ලියන්න හිතුනෙ සංගීතය ගැන.

කිව්වත් වගේ සාම්ප්‍රදායික අරාබි සංගීතයත් තරමක් කටෝරයි, නමුත් ඒ අතරින් බටහිර ජනප්‍රිය සංගීතය සමග මුසු වුණු අතලොස්සක් වූ ගායක ගායිකාවන්ගේ සීමිත ගීත කිහිපයක් සහ බුරි නැටුම් (Belly Dance 😀 ) කණ්ඩාගේ සිත තදින් ඇඳ බැඳ තබාගන්නට සමත් !

හාමිනේගේ කතුරෙන් බේරිලා “බෙලී ඩාන්ස්” ගැන වෙනම ලිපියක් ලියන්නට කණ්ඩා හිතන නිසා ඒ ගැන විස්තර පසුවට ගෙන එන නිසා එතෙක් මේ ලිපියෙන් උත්සාහ ගන්නෙ අරාබි ජාතික/සම්භවයක් ඇති ගායක ගායිකාවන්ගේ මා සිත්ගත් ගීත කිහිපයක් හුදී ජනයාගේ ලාම්පු සංවේගය පිණිස පිරි නමන්නයි.

El Arbi

Singer : Khaled, Language : Arabic, Lyrics : Lyrics-On

Aicha

Singer : Khaled , Language : French , Lyrics : Lyrics-On

Didi

Singer : Khaled , Language : Arabic , Lyrics : MEPOP

Abul Kadir

Singers : Khaled, Rachid Taha, Faudel , Language : Arabic , Lyrics : Lyrics-On

Tamally Maak

Singer : Amr Diab, Language : Arabic , Lyrics : Lyrics Freak

Nour El Ein

Singer : Amr Diab, Language : Arabic , Lyrics : Lyrics Translate

Wayah

Singer : Amr Diab , Language : Arabic , Lyrics : Lyrics Translate

Ya Habibi Yalla / Yalla bina Yalla

Singer : Nancy Ajram, Language : Arabic, Lyrics : Lyrics Translate

Ya Tabtab

Singer : Nancy Ajram , Language : Arabic , Lyrics : Lyrics Translate

Salma Ya Salama

Singer : Dalida, Language : Arabic and Spanish , Lyrics : Lyrics Translate

Allah Allah Ya Baba

Singer : Saber El Rebai, Language : Arabic, Lyrics :

Asha Asha

Singer : Kuwait Sand Band , Language : Arabic

මතු සම්බන්ධයි !

පසු ලිපි :

ඉහත ගායක ගායිකාවන් අතරින් පහත දැක්වෙන තුන්කට්ටුව මැදපෙරදිග අතිශයින් ජනප්‍රියය ඔවුන් ගැන කාල වෙලාව ඇති පරිදි වැඩි විස්තර ගෙන ඒම කණ්ඩාගේ ඉදිරි බලාපොරොත්තුවයි.

~ කණ්ඩා !